නීතිඥ සංගම් සභාපති ලුහු බඳින අවාසනාවන්ත අංකයේ වාහන !

Published in පුවත්
Tuesday, 22 July 2014 13:51

තමා පසුපස ලුහු බඳින යතුරු පැදි සහ ත්‍රීවීලර් රථවල අංක තහඩු ව්‍යාජ ඒවා බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.



දහතුන අවාසනාවන්ත අංකයක් ලෙස සැලකෙන බැවින් අංක එකතුවෙන් දහතුන සැකසෙන අංක තහඩු මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් නොකරන බව තමන්ට දැන ගන්නට ලැබුන බව, නීතිඥ උපුල් ජයසූරීය මහතා 'බිබිසි සංදේශයට' කියා සිටියේය. 

එහෙත් තමා පසුපස ලුහු බඳින යතුරු පැදි දෙකේම අංකවල එකතුව දහතුන බව පවසන ඔහු, මෙය ඉතා භයානක වාතාවරණයක් බවත් පැවසීය.

"එහෙම නම් එකතුව අංක දහතුන එන නොම්මර තහඩු ගහ ගෙන ජනාධිපති මන්දිරය අවටත්, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය අවටත් ඒවා සැරිසරන්න ඉඩක් ලැබිල තියෙන්නේ කාගේ අවසරය යටතේද කියන ප්‍රශ්නය පැන නගිනවා," යනුවෙන්ද නීතිඥ උපුල් ජයසූරීය මහතා පැවසීය.

එම යතුරු පැදිවල අංක තහඩු ව්‍යාජ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ද පිළිගත්තේය.



පොලිස් ඝාතන

කිසියම් වරදකට සැරසෙන පුද්ගලයෙක් එවැනි අංක භාවිත කිරීමේ හැකියාවක් පවතින බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, ඒ පිළිබඳව පොලිසිය විමසිල්ලෙන් සිටින බවද 'සංදේශයට' කියා සිටියේය.

පොලිසිය කිසියම් ආරක්ෂක ක්‍රියාදාමයක් දියත් කොට ඇති නමුත් එය ප්‍රමාණවත් නොවන බව, නීතිඥ සංගමයේ සභාපතිවරයා පවසයි.

පොලිස් අත් අඩංගුවේදී සිදු වන මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ නොපැවැත්වීම, පොලිස් නිලධාරෙන්ගේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන, ඉහල අධිකරණවලට විනිසුරන් පත් කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වය නොසලකා කටයුතු කිරීම සහ අල්ලස් කොමසාරිස් දෙපාර්තමේන්තුවට එල්ල වන දේශපාලන බලපෑම් වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ හඬ නැගීම හේතුවෙන් සිය ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබෙන බව පොලිසිය පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us