වැඩිපුරම සියදිවි නසා ගන්නේ තරුණයන්

Published in පුවත්
Tuesday, 22 July 2014 14:14

වැඩිපුරම සියදිවි නසා ගන්නේ තරුණයන් බව හ්ර්ලිව තිබේ. තරුණයන් අතර මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ප්‍රධාන හේතුව ඝාතන, සියදිවි නසාගැනීම් හා තමන්ට ශාරීරික වදහිංසා පමුණුවා ගැනීම බව අනාවරණය වී තිබේ.

පොලිස්වාර්තාවලට අනුව 2011වර්ෂයේ තරුණ මරණ සංඛ්‍යාවෙන් තුන්දහස් හත්සියහැත්තෑවක් (3770) සියදිවි හානි කර ගැනීම් බව තරුණ කටයුතු හා නිපුණතාසංවර්ධන අමාත්‍යංශයෙන් පසුගියදා නිකුත් කළ "තාරුණ්‍ය සහ සංවර්ධනය - 2014" නමැති සංග්‍රහයේ සඳහන් කර ඇත.



තරුණ පරපුරේ වැඩිම සියදිවි නසාගැනීමේ වයස් ප්‍රමාණය 21-30අතර බවත් වැඩිහිටියන් අතර වැඩිම දිවි නසාගැනීම් වසය 41-50 සහ 60ට වැඩි පිරිස් අතර බවත්, ඒ සියලුදෙනා පිරිමි අය බවත්පරීක්‍ෂණයකින් අනාවරණය වී තිබේ.

මේ තත්ත්වයෙන් තරුණයන් මුදා ගැනීමට විශේෂ අධ්‍යාපනික වැඩසටහනක් ආරම්භ කළ යුතු බව එම වාර්තාව පෙන්වා දී තිබේ.

තමන්ගේ ජීවිතය හිතාමතාම තමන් විසින්ම නැතිකර ගැනීමේ ක්‍රියාව සියදිවිනසාගැනීම ලෙස නිර්වචනය කල හැකිය. 


වශයෙන් සියදිවි නසාගැනීමසිදුකරගනු ලබන්නේ ජීවිතයේ බලාපොරොත්තු නැතිවූ අවස්ථාවල, මානසික ආතතිය(විෂාදය-Major depressive disorder), හින්නොන්මාදය(Schizophrenia), Bipolar disorder වැනි මානසික රෝගවලට (mental disorder) ගොදුරු වී ඇති අවස්ථාවලදී, අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටින අවස්ථාවලදී සහ ඖෂධ අනිසි භාවිතා කරන අවස්ථාවලදීය(Drug abuse).

තවද මානසික පීඩාකාරී සාධක වන ආර්ථික දුෂ්කරතා සහ අන්තර් පුද්ගල සබදතා වලබිදවැටීම් වැනි ගැටළුද සියදිවි නසාගැනීම්හිදී ප්‍රමුඛ භූමිකාවක් රගපානුලබයි.

සියදිවි නසාගැනීම වලක්වා ගැනීමේ ක්‍රමවිධි ලෙස සාමාන්‍ය පුද්ගලයන්ට ගිනි අවි භාවිතය සීමා කිරීම, මානසික රෝග සහ ඖෂධ වැරදි ලෙස භාවිතා කිරීම සදහා ප්රවතිකාර කිරීම සහ ආර්ථිකය සංවර්ධනය කිරීම හැදින්විය හැකිය.

(ලංකා පුවත්)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us