ලක්ෂපාන දිය ඇල්ල විනාශ කරනවාට, විදෙස් පරිසරවේදීන්ගේ විරෝධය

Published in පුවත්
Tuesday, 22 July 2014 14:48

පරිසරවේදීන්ගේ විරෝධය කැළණි ගෙඟ් අතු ගංඟාවක් වන මස්කෙළි ඔයේ ලක්ෂපාන දිය ඇල්ලට ඉහලින් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර් පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය ඉදිකරමින් පරිසර පද්ධතියට සිදුකරන හානිය නවත්වන ලෙස ඉල්ලමින් ඕස්ට්‍රේලියාවේ බඩර් අප් පරිසර සංවිධානයේ තානාපති වීද්‍යාඥ පැටිරික් කික්බි විසින් අප වෙත ලිපියක් යොමුකර ඇති අතර අදාළ බලධාරින් වෙත එය යෙමුකරන ලෙස ඉල්ලා ඇත.

 
දැනට විදුලිබලාගාරය ඉදිවෙන ප‍්‍රදේශයේ කාලකට පෙර පර්යේෂණවල නියැළී සිටි වීද්‍යාඥ පැටිරික් කික්බි පෙන්වාදෙන්නේ මෙම විදුලි බලාගාරට දැවැන්ත ලෙස කදුකර පරිසර පද්ධතිය හා ලක්ෂපාන දිය ඇල්ල විනාශ මුඛයට ගෙන යනු ලබන බවයි.
 
මෙයට සති කිහිපයකට පෙර අප විසින් පෙන්වා දුන්නේ ලක්ෂපාන දිය ඇල්ලට මීටර් 200 ඉහළින් ඉදිකරණ මෙම විදුලි බලාගාරය නිසා දිය ඇල්ලට හානි සිදු විය හැකි බවයි. එය පසක් කරමින් දිය ඇල්ලට උඩින් කරන පිපිරීමි නිසා දිය ඇල්ල දෙපස ඉවුරු හා මස්කෙළි ඹයේ ඉවුරු කඞා වැටීමට පටන් ගෙන ඇති අතර විදුලි බලාගාරයේ ඉදිකිරීමි නිසා දිය ඇල්ලේ ගල් ගැලවී වැටීමට ආසන්නව ඇත.තවදුරටත් මෙම විදුලි බලාගාරයේ ඉදිකිරීමී කටයුතු සිදුවුවහොත් දියඇල්ලේ හැඩය පවා වෙනස් විය හැකිය.
 
දැනටමත් පිපිරීමි සිදු වි ඇති ලක්ෂපාන දිය ඇල්ලේ සිදුකරන විදුලි බලාගාරයේ ඉදිකිරීමි නිසා ප‍්‍රදේශය පුරා දැඩි පාරිසිරික හායනයක් සිදුවෙමින් පවතින අතර එය ලක්ෂපාන දිය ඇල්ලේ සොදුරු දසුන් විනාශ කරන සංවර්ධන කටයුත්තක ලෙස පෙන්වාදිය හැකිය.
 
වර්ථමානයේ ලක්ෂපාන දිය ඇල්ලේ සියයට අසුවකය වැඩි ප‍්‍රමාණයක් ගල් පැලී එල්ලී ඇත. බලාගාරය ඉදිකිරීමේ අවශ්‍යතාවයට කරන පිපිරවීමී නිසා අස්ථාවර කොලූවියල් පස්වල ගල් කුට්ටි ඇඳ හැලීමට ඉඩ ඇති බැවින්’’ මෙම ඉදිකිරීමි වහා නැවැත්වීමට වග කිවයුතු බලදාරීන් දැන්වත් කටයුතු කල යුතුය. 
 
එමෙන්ම දැනට මස්කෙළි ඔය තුළ මිටර් 500 වැඩි දිග ප්‍රමාණයක් සහිතව ඉදිකෙරෙන කොන්ක‍්‍රීටී ඇල නිසා මස්කෙළි ඹයේ මිරිදිය මත්ස්‍යන්ගේ බොවන් ස්ථාන රාශියක් විනාශ වී ගොස් ඇති අතර මෙය සමස්ථ සප්තකන්‍යා කදු පංතියේ ජෛව විවිධත්වයට බරපතල හානියක් බවට පත්වී ඇත.
 
මස්කෙළි ඹය හරහා දැනට ඉදිකෙරෙමින් පවතින අමුණනින් ජලය අළුතින් ඉදිකෙරෙන කොන්ක‍්‍රීටි ඇල මාර්ගයට හැරවීමට අවශ්‍ය සියලුම දේ මේ වනවිට ඉදිකර අවසන් අතර මේ නිසා ගඟ වියලිම හා වෙනස්විමක් සිදුවේ. මේ නිසාවෙන් ජලය ආශී‍්‍රතව ජීවත් වන සතුන්ට දැඩි බලපැමක් සිදුවන අතර හා ඇතැමි ජීවී විශේෂ වදවි යාමටද හැකිය. ජලය ගල් කටාරම් හා පොකුණු මත රැස්විමෙන් හා ජලය ගලාගෙන යන වේගය අඩුවිම තුලින් ජලයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුවීම හා ජලයේ උෂ්ණත්වය ඉහල ගොස් ඔහුන්ට අවශ්‍ය පාරිසරික සාධක නැතිවිම මෙයට හේතු වී ඇත. ජලය ආශි‍්‍රත ජීවත් වන දිය බල්ලා, ඒක දේශික මත්ස්‍ය විශේෂ වන ගල්
පාඩියා , දණ්ඩියා, මඩ කණයා, පුවක් බඩිල්ලා, ප‍්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වඳවී යාමේ අවදානමක් මේ නිසා හටගෙන ඇත.
 
එමෙන්ම ඔය තූළ ඉදිකිරීම සදහා යොදාගන්නා අමු ද්‍රව්‍යය වශයෙන් භාවිතා වන සිමින්ති හා රසායනික පිපිරීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යය වැසි ජලය සමග මිශ‍්‍ර වී මස්කෙළි ජලයට මුසු වීමතුල අමුණත් බලාගාරයත් අතර හා සම්පූර්ණ මස්කෙළි ඔයේම ජලජ ජීවීන් හා ශාක සම්පූර්ණයෙන්ම වශයෙන්ම වඳවී යාමට පටන්ගෙන ඇත.
 
මෙවන් දැවැන්ත පාරිසරික හානියක් සිදුකරමින් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර් පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය මෙරටට පැමිණෙන සංචාරකයන්ගේද කනස්සලට හේතු වී ඇති අතර මෙහි පර්යේෂණ කටයුතුවල නියලුණ වීද්‍යාඥ පැටිරික් කික්බි විසින් ගොනුකරන ලද වීරෝධය එයින් එකකි.
 
පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්
ඡායාරූප නිශාන්ත ප්‍රියදර්ශන

 VerjineHills2VerjineHills3VerjineHills4VerjineHills5VerjineHills6VerjineHills7VerjineHills8

vegine1

veiginehillaletter

Last modified on Tuesday, 22 July 2014 15:26

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us