ලංකාවේ කාසි ටොන් 20ක් දඹදිව හිරවෙලා!

Published in පුවත්
Tuesday, 22 July 2014 15:02

දඹදිව වන්දනාවේ යාමේදී එරට සිද්ධස්ථානවල පිං කැටවලට මෙරට කාසි නොදමන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙරට බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.

දඹදිව සිද්ධස්ථානවල පිං කැටවලට දැමූ ලංකාවේ කාසි ටොන් 20 ක් පමණ මේ වනවිට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ඉන්දියාවේ ගොඩ ගැසී තිබෙන බවත් අමතර වියදමක් දරමින් ඒවා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් කබ්රාල් මහතා අප සමග පැවසීය.

සාමාන්‍යයෙන් වසරකට ලාංකිකයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් දඹදිව වන්දනාවේ යන අතර ඔවුන් ලංකාවේ සිද්ධස්ථානවලට වගේම දඹදිව සිද්ධස්ථානවලටත් ලංකාවේ කාසි පූජා කිරීම සිදුකරයි.

මේ ආකාරයෙන් මෙම බැතිමතුන් පූජාකළ කාසි ගෝනිවල දමා පැත්තකට දමා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිළධාරීන් පිරිසක් දඹදිව වන්දනාවේ ගිය අවස්ථාවක දැක තිබේ.

මෙම කාසි ඉන්දීය මුදල්වලට මාරු කිරීමට වැඩි කාලයක් ගතවන නිසා මේ ආකාරයෙන් ඔවුන් ඒවා පැත්තකට විසිකිරීමට හේතුවී තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ අළුතින් කාසි අච්චු ගැසීමට යන වියදම සැලකූ විට එම කාසි තොගය ලංකාවට ගෙන්වා ගැනීම ලාභදායී බවයි.

කෙසේ වෙතත්, මෙම කාසි තොගය වෙනුවෙන් මෙම සිද්ධස්ථානවලට මුදල් ලබාදීමට ලංකාවට සිදුවන අතර කාසි තොගය ලංකාවට ගෙන්වා ගැනීම සඳහා භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සහ ඉන්දියාවේ සිටින ලංකාවේ මහ කොමසාරිස්වරයා මේ වනවිට මැදිහත් වී තිබේ.

කෝටි ගණනක් වටිනා මෙම කාසි තොගය ලංකාවට ගෙන ඒමට නැවක් හෝ ගුවන් යානයක් වෙන්කර ගැනීමට සිදුවන බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ නිසා, විදේශීය සිද්ධස්ථානවලට ලංකාවේ කාසි නොදමන්නැයි මෙරට බැතිමතුන්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කරයි.

(adaderanabiz.lk)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us