නිවාස වාහන ආපදා ණය මත බදු අහෝසියි

Published in පුවත්
Tuesday, 22 July 2014 15:16

රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතනවල සේවකයන් ලබාගත් ණය වෙනුවෙන් අය කළ සියයට 2ක බද්ද වහාම ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ තීරණය කළේය.

මේ අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රක්ෂණ ආයතන ඇතුළු ලාභ අලාභ ගිනුම් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින්ගේ නිවාස ණය පොලී, ආපදා ණය පොලී, වාහන ණය පොලී, වෛද්‍ය වියදම් ප්‍රතිපූර්ණය කිරීම, අතිකාල දීමනා ඇතුළු වෙනත් දීමනා වෙනුවෙන් මෙම බදු අය කිරීම නතර කෙරේ.

ඒ සඳහා මෙම බද්ද 1857/8 දරන ගැසට් පත්‍රය මගින් පනවා තිබුණි.

ලංකා - බැංකු සේවක සංගමය සමඟ ඊයේ (21) සවස අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ හමුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගනු ලැබීය.

අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, වැඩ බලන ජනාධිපති ලේකම් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත්, ලංකා බැංකු සේවක සංගමයේ සභාපති ඒ.කේ. බණ්ඩාර, ලේකම් අශෝක ධර්මසිරි, උප සභාපති නිශාන්ත සමරසිංහ යන මහත්වරුන් සහ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයින් මීට එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us