ආහාර සුරක්ෂිතතාවය පිළිබඳවත් පෝෂ්‍යදායී ආහාර පිළිබඳවත් මහජනතාව දැනුවත් කිරීම මෙහි අපේක්ෂාව වූ අතර, ‘නිරෝගී පරපුර රටේ ශක්තියයි’ යන්න එහි තේමාව විය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව ඉදිරිපිට කාර්මික තාක්ෂණ ආයතනය අබියසින් මෙම පා ගමන ආරම්භවිය.
එය අවසානයේ ආහාර පොළක් ද පැවති අතර වස විෂෙන් තොර ආහාරවල වැදගත්කම එහිදී අවධාරණය කෙරින.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.