අසාධාරණ ලෙස සිසුන් 28 කට පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් සරසවි සිසුන් මේ වන විට විරෝධතා පා ගමනින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණෙමින් සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිළිවෙතේ හෝ 'මහින්ද චින්තනයේ' වෙනසක් කරනු ලැබ තිබේදැයි මාදුළුවාවේ සෝභිත හිමියෝ ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කරති.

මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන්ම දරුණු ඝණයේ අපරාධකාරයෙකු වූ වැල්ලම්පිටියේ ‘කුඩු මානි’ නැමැත්තා ඊයේ රාත‍්‍රියේදී සිංහපුර ප‍්‍රදේශයේදී කපා කොටා මරා දමා තිබේ.

හිරු නොබසින අධිරාජ්‍යය යැයි එංගලන්තයට නම් පට බැඳුනේ ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකය පුරා රටවල් ගනනාවක් යටත් විජිත ලෙස අත්පත් කර ගැනීමෙන් දවසේ කවර හෝ වේලාවක එම අධිරාජ්‍යය යටතේ පැවැති රාජ්‍යයක දිවා කාලයක් පැවැතුන බැවිනි. මේ මහා අධිරාජ්‍යය රටවල් සූරාගෙන කෑම හිතේ හැටියට කළ අතර යටත් විජිත යුගය කෙමෙන් පහව ගියද එම අධිරාජ්‍යවාදී බැමි තවදුරටත් පවත්වාගෙන යමින් එම රාජ්‍ය පද්ධතිය පොදුරාජ්‍ය මණ්ඩලය ලෙස මේ වන විට නම් කර ගන තිබේ.

රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් මහජන දුක්ගැනවිලි සඳහා සහන සැලසීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ.

රේගු ආදායම් අධීක්ෂණ අංශය මගින් රේගු බාරයට ගත් තවත් සැකකටයුතු කන්ටේනරයක් අද(23) ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී විවෘත කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනාවට රාජ්‍ය ආයතනවලින් තෝරාගත් විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වත් වෘත්තිකයන් බඳවා ගැනීම, දියතලාව ස්වේච්ඡා බළසේනා පුහුණු පාස‍ලේදී ස්වේච්ඡා බළසේනාධිපති මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සිදු කෙරිණි.

ලේක්හවුස් ආයතනය හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්ව මෙහෙය වන අලුත්ම ප්‍රවෘත්ති රැගත් පුවත් සේවයක් අද (23) සිට ඇරඹේ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය උළෙලට 'සිරස' මාධ්‍ය ජාලයට හොර රහසේ සහභාගිවීමට උත්සාහ කළ සිරස රූපවාහිනියේ ක්‍රීඩා මාධ්‍යවේදී රොෂාන් වටවල හරිපාරේ යැවීමට එම්.බී.සී. නෙට්වර්ක්ස් හි අධිපති රාජා මහේන්ද්‍රන් කටයුතු කර තිබේ.

කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගමන් ගත් මෝටර් රථය රිය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

Connet With Us