'මහින්ද චින්තනය වෙනස් කරලාද? '

Published in පුවත්
Wednesday, 23 July 2014 20:03

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිළිවෙතේ හෝ 'මහින්ද චින්තනයේ' වෙනසක් කරනු ලැබ තිබේදැයි මාදුළුවාවේ සෝභිත හිමියෝ ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කරති.

උන්වහන්සේ එම ප්‍රශ්න කිරීම කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපති ආණ්ඩුක්‍රමය හේතුවෙන් රටේ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම සහ රට තුළ සියල්ල දේශපාලනීයකරණය වීම එම ක්‍රමය බල පැවැත්වුන තිස්පස් වසරක අත්දැකීම වන බව උන්වහන්සේ පෙන්වා දෙති.

ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මෙන්ම 'මහින්ද චින්තනය' මගින් ද කියවෙන්නේ ජනාධිපති ආණ්ඩුක්‍රමය අහෝසි කිරීම වන බවද සෝභිත හිමියෝ පෙන්වා දෙති.

මෙවැනි හඬක් නැගීම නිසා තමාට නින්දා අපහාස වලට පමණක් නොව තර්ජන ආදිය පවා එල්ල වී ඇති බව, මාදුළුවාවේ සෝභිත හිමියන් පවසති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us