යුද ස්වේච්ඡා බළ‍සේනාවට විද්වතුන් 47ක්

Published in පුවත්
Wednesday, 23 July 2014 13:44

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනාවට රාජ්‍ය ආයතනවලින් තෝරාගත් විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වත් වෘත්තිකයන් බඳවා ගැනීම, දියතලාව ස්වේච්ඡා බළසේනා පුහුණු පාස‍ලේදී ස්වේච්ඡා බළසේනාධිපති මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) සිදු කෙරිණි.

මේ පිරිසට ඊයේ සිට ලබන අගෝස්තු 22 දක්වා මසක කාලයක් ලබාදෙන පුහුණුවකින් අනතුරුව අදාළ කටයුතු සඳහා යොමු කෙරේ.

1984 වර්ෂයට පෙර මෙම ස්වේච්ඡා බලසේනාවට විද්වතුන් බඳවා ගැනීම ආරම්භ වූ අතර එසේ බඳවාගත් මෙරට විද්වතුන් විශාල පිරිසක් ස්වේච්ඡා යුද සේවය හරහා යුද්ධ සමයේදී හමුදාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කර තිබුණි.

ඊයේ (22) මෙසේ බඳවාගත් පිරිස අතර වෛද්‍ය, ඉංජිනේරු, ‍ගණකාධිකාරී, මාධ්‍යවේදී, ලිපිකරු ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාතීන් නියෝජනය වේ.

එහිදී පැවැති තේපැන් සංග්‍රහයෙන් අනතුරුව මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතා බඳවාගත් විද්වත් වෘත්තිකයන් සමග සුහද කතාබහක නිරත වූ අයුරු ජයාරුපයේ දැක්වේ.

ස්වේච්ඡා බළ සේනාවට දහසක පිරිසක් බඳවා ගන්නා අතර පසුගියදා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව 47 මෙසේ පළමු වටයේදී බඳවාගෙන ඇත. ඊළඟ වටයේදී තවත් පිරිසක් බඳවා ගැනීම සිදු වෙයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us