ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජනප්‍රිය නාලිකාවක් වන සිටි එෆ් එම් සේවය සමඟ එක්ව 89.6-89.8 ඔස්සේ විකාශය කරන මේ පුවත් සේවයෙන් පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැයෙන් පැයට අලුත්ම පුවත් ඉදිරිපත් කරනු ඇත.
ලේක්හවුස් ආයතනයේ සභාපති ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ නාලිකාවේ විකාශන කටයුතු අද සුභ මොහොතින් ආරම්භ කෙරේ.
“දිනමිණ“ට ලැබෙන අලුත්ම පුවත් එසැණින් පාඨකයන් සහ ගුවන්විදුලි අසන්නන් වෙත ලබාදීම මෙහි මුලික අරමුණ වේ.
මෙහි සන්නිවේදන නිවේදක නිවේදිකාවන් වශයෙන් කටයුතු කරනු ලබන්නේ ලේක්හවුස් ආයතනයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන් වීම විශේෂත්වයකි.