මේ ක්‍රීඩා උළෙලට ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධකම් ඔස්සේ ඔලිම්පික් නිලධාරියකු ලෙස රොෂාන් එක්වීමට සියල්ල සූදානම්කරගෙන සිටි බවත්, එය රාජාහේන්ද්රන්ට සැලවීමෙන් පසුව රොෂාන්ව සිරස නාලිකාවේ නිල මාධ්‍යවේදියා ලෙස යැවීමට ඔහු කටයුතු කර ඇතැයි පැවසේ.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි ක්‍රීඩා උළෙලට ගිය මාධ්‍යවේදීන්ට ක්‍රීඩා අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාදි ඇති බවද මේ අතර වාර්තා වේ.
එසේ ක්‍රීඩා අමාතයංශයෙන් මාධ්‍යවේදීන්ට අනුග්‍රහය ලබාදී තිබියදී තවත් පෞද්ගලික ආයතන ඔස්සේ මුදල් ලබාගත් මාධ්‍ය වේදීන් කිහිපදෙනකු ගැනද වාර්තාවන අතර ඔවුන්ගේ නම් ගම් අප ඉදිරියේදී හෙලි කරන්නෙමු.