හොරෙන් චිත‍්‍රපට ගැසූ දෙදෙනෙක් මාට්ටු

Published in පුවත්
Wednesday, 23 July 2014 12:44

සිංහල චිත‍්‍රපට නීති විරෝධි අයුරින් තැටිගත කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු නාත්තණ්ඩිය නගරයේ දී මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී සිංහල චිත‍්‍රපට අඩංගු ඩී.වී.ඩී තැටි 200ක් සොයා ගෙන ඇත. සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත්තේ, ඒවා අළෙවි කිරීම සඳහා මෝටර් රථයකින් රැගෙන යමින් සිටියදීය.

අදාළ මෝටර් රථයේ තිබී තවත් ඩී.වී.ඩී තැටි 2200ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය. කඳාන ප‍්‍රදේශයේ නිවසක දී පිටපත් කර ඇති ඒවා දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට රැගෙන ගොස් අලෙවි කරන බව මූලික පරික්‍ෂණවලදී හෙලිව තිබේ.

සිද්ධිය අනාවරණ වීමෙන් පසු චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු ද මාරවිල පොලිසියට පැමිණ අදාල චිත‍්‍රපට නීති විරෝධිව සැකසු ඒවා බවට තහවුරු කර තිබේ.

(නෙත් එෆ්.එම්)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us