මෛත්‍රිපාල කනගාටුවෙන් ?

Published in පුවත්
Wednesday, 23 July 2014 10:07

දුම් ඉරීම සෞඛ්‍යයට අහිතකර බව දැක්වෙන අවවාදය දුම්වැටි පැකැට්ටුවේ මුහුණත වර්ග ප්‍රමාණයෙන් සියයට අසූවක විය යුතු බවට පාර්ලිමේන්තුව ඒකමතිකව අනුමත කිරීමේ තීන්දුව නොසලකා අධිකරණයෙන් තීන්දුවක් දීම ගැන තමා බලවත් ලෙස කනගාටුව වන බව, සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ කිංස්බරී හෝටලයේ ඊයේ (22දා) පැවැති මද්‍යසාර සහ දුම්කොළ පාලනය පිළිබඳ වැඩමුළුවේදී පැවැසීය.

තායිලන්තය, මලයාසියාව, මොන්ගෝලියාව, ලාඕසය සහ කාම්බෝජය ආදී කලාපයීය රටවල් ගණනාවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විශාල පිරිසක් ඊයේ ඇරැඹි තුන් දින චාරිකා වැඩමුළුවට සහභාගි වූහ.

දුම්වැටිවලින් සිදුවන අන්තරාදායක බව පිළිබඳව දුම්වැටි බහාලන පැකැට්ටුවේ මුහුණත ඉඩ ප්‍රමාණයෙන් සියයට අසූවක් (80%) වෙන් කළ යුතු බවට තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මත වුවද ඊට එරෙහිව දුම්වැටි සමාගම් පැවරූ නඩුව සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුව ලැබුණේ වෙන්කළ යුතු ඉඩ ප්‍රමාණය සියයට හැටක් විය යුතු බවට සහ එම තීන්දුව ක්‍රියාත්මක විය යුත්තේ 2014 දෙසැම්බර් 31 සිට බවට යැයිද ඇමැතිවරයා කීය.

පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් ඒකමතිකව දුන් තීන්දුවක් මෙසේ නොසලකා හැරීම ගැන බලවත් ලෙස කනගාටුව පළ කළ සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රසිද්ධ ස්ථානවල දුම් ඉරීමද බාලවයස්කාරයන්ට දුම්වැටි අලෙවි කිරීමද තහනම් කෙළේ දුම්පානය නැවැත්වීමට යැයි කීය.

ලෝකයේ කෝටි සංඛ්‍යාත ජනතාවක් රෝගීන් බවට පත් කෙරෙන දුම්කොළ වෙළෙදාම ලෝකයේ සුළු පිරිසක් ධනවතුන් කෙරෙන ඉතාම ලාභදායී ව්‍යාපාරයක් බවද ඔහු පැවැසීය.

දුම්කොළ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරය පවත්වා ගෙන යෑමට පාර්ලිමේන්තු නියෝජිතයන් පවා තම දැලට කොටුකර ගැනීමට උත්සාහ දරන බවද එසේ නොහැකි වූ කල රාජ්‍ය තාන්ත්‍රික ඉහළ නිලධාරීන් බිළි බා ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කීය.

මත්ද්‍රව්‍ය දුම්කොළ මාරයා පලවා හැරීමට ලෝකවාසීන් සියලු දෙනාම අත්වැල් බැඳගත යුතුව ඇතැයිද සෞඛ්‍ය ඇමැතිවරයා පැවැසීය.

(මව්බිම)

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us