සොභිත හිමි- චන්ද්‍රිකා- ශිරානි -රනිල්- සම්බන්දන්- අනුර- එස්.එෆ් එකම වේදිකාවක

Published in පුවත්
Wednesday, 23 July 2014 08:58

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආරාධනයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, එජාප නායක රනිල් වික්‍රමසිංහ, දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා යන මහත්ම මහත්මින් හෙට (24) එකම වේදිකාවකදී හමුවීමට නියමිතය.

'විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකළ යුත්තේ ඇයි ?' යන තේමාවෙන් යුතුව හෙට(24) පස්වරු 4.00ට කොළඹ නව නගර ශාලාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට ඔවුන් සියලුදෙනා ම සහභාගිවන බව දැනුම්දී ඇතැයි 'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රවී ජයවර්ධන මහතා පැවසිය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' විසින් සංවිධානය කෙරෙන මෙම සම්මන්ත්‍රණයේ මුලාසනය ගනු ලබන්නේ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ය.

කරු ජයසුරිය මහතා ඇතුළු එජාප නායකත්ව මණ්ඩල සාමජිකයින් ද මෙම සම්මන්ත්‍රණයට සහභාගිවන බව පැවසු රවී ජයවර්ධන මහතා, මුලදී මෙම සම්මන්ත්‍රණය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබුනද, අවසන් මොහොතේ ආණ්ඩුවේ බලපෑම් මත එහි පාලනාධිකාරිය මෙම සම්මන්ත්‍රණයට ඉඩදිය නොහැකි බව දැනුම්දුන් බවද සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us