දැරිය දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින්, අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ උපදෙස් පරිදි ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් වතුකරය පුරා ඊයේ උද්ඝෝෂණ සංවිධාන කර තිබිණ.
මෙම දැරිය පසුගිය 20 වැනිදා අපයෝජනයට ලක්ව ඇත්තේ, සිය ඥාතියෙකුගේ නිවසකට ගොස් පැමිණෙමින් සිටියදීය. රක්වාන පොලිසිය සඳහන් කළේ අදාල සැකකරු විසින් මෙම දැරිය පාළු නිවෙසකට රැගෙන ගොස් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවයි.
අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ප්‍රදේශවාසීන් එක්ව ඊයේ රක්වාන නගරයේ විරෝධතාවයක ද නිරත විය.