News Items (18842)
දැඩි ආර්ථික දුෂ්කරතා සහ මේ දිනවල පවතින අධික නියං තත්වයෙන් පීඩාවට ලක් වී සිටින උතුරුමැද පළාතේ ජනතාව රවටමින් තමන්ගේ බංකොලොත් දේශපාලනය ප්‍රදර්ශනය කිරීමක් කලාවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිරීක්ෂණය කිරීම අත්හැර දැමූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අතුරුදන්වූවන් සෙවීමේ කමිටුවට උපදෙස් දීමට තවත් කමිටුවක්
අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට උපදෙස් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂඥ සභාවක් පත් කර ඇත.
විශ්‍රාම වැටුප් පාරිතෝෂික මුදල් ගෙවා නැති 18,000 ක ප්‍රමානයෙන් 10,000 කට පසුගිය සතිය තුල විශ්‍රාම පාරිතෝෂික ගෙවා නිමකරන බවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනමාධ්‍යට කළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
මිලේච්ඡත්වය කරා සමාජය ඇදගෙන යන මේ ගමන ඇතුලේ විවිධ අන්තවාදී සංවිධාන නිර්මාණය වුණ බවත් එවැනි විවිධ බල සේනා හැදී වැඩුණේ පෝෂණය වුණේ මේ ආණ්ඩුවේ ඔඩොක්කුවේම බවත් සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ පවසීය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ආරක්ෂාව තර කරන්න - එස්.රාමදෝස්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සියලු සබඳතා සම්බන්ධයෙන් කටයුතු කිරීම වෙනුවෙන් ස්වාධීන නිලධාරියෙකු අදාළ තනතුර සඳහා පත් කරන ලෙස පී.එම්.කේ පක්ෂය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
පරිපූරක වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීන් 5ක නිලධාරීන් ඊයේ(16) උදෑසන 8.00 ට ආරම්භ කළ වැඩවර්ජනය අද(17) වන විට තවදුරටත් ව්‍යප්ත වී තිබේ.
අයි පරිප්පු (i dahl) කන්න, ධනවත්කමයි ගොංකමයි පෙන්වන්න
නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥවරියක් වන ආචාර්‍ය වන්දනා ශිවා 2014.06.30 දින කොළඹදී පරිසර විනාශයට එරෙහිව සිදු කරනු ලැබූ දේශයනය පදනම් කොට ගනිමින් මෙම ලිපිය සැකසෙනු ඇත.
දෙහිවල සත්වෝද්‍යානයෙන් අතුරුදන්වූ සුදු නයා මල්ලක දමා නැවත සත්වෝද්‍යාන භූමියට විසිකර තිබියදී අද උදෑසන සොයාගෙන තිබේ.
2010 වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ළමා හිංසන කි‍්‍රයා සහ අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් දෙලක්ෂ දහදහස් තුන්සිය දාහතරක් ලැබී ඇති බවත්, ඉන් විසි අටදහස් නවසිය විසි එකක් පැමිණිලි ලෙස සලකා පොලිස් ස්ථාන වෙත භාර දී ඇති බවත් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.
