ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ආරක්ෂාව තර කරන්න - එස්.රාමදෝස්

Published in පුවත්
Thursday, 17 July 2014 14:05

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සියලු සබඳතා සම්බන්ධයෙන් කටයුතු කිරීම වෙනුවෙන් ස්වාධීන නිලධාරියෙකු අදාළ තනතුර සඳහා පත් කරන ලෙස පී.එම්.කේ පක්ෂය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා පී.එම්.කේ පක්ෂයේ නායක එස්.රාමදෝස් ඇතුළු පිරිසක් ඊයේ(16) දිනයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුස්මා ස්වරාජ් හමුවිය.

එම අවස්ථාවේ මෙම ඉල්ලීම සිදුකර ඇති බව ඉන්දිය මා‍ධ්‍ය වාර්තා සඳහන් කරයි.

වාර්තා වන පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් කොංග්‍රස් ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයට ක්‍රියා නොකරන ලෙස ද අදාළ සාකච්ජාවේ දී පී.එම්.කේ පක්ෂය ඉන්දීය විදේශ අමාත්‍යවරිය හමුවේ පවසා තිබේ.

මධ්‍යම රජය විසින් ශ්‍රී ලංකා දෙමළ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ඉන්දීය නව රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව පී.එම්.කේ පක්ෂයේ නායක එස්.රාමදෝස් එහිදී පෙන්වා දී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us