අඛන්ඩ වැඩ වර්ජනයකට යනවා

Published in පුවත්
Thursday, 17 July 2014 12:33

පරිපූරක වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීන් 5ක නිලධාරීන් ඊයේ(16) උදෑසන 8.00 ට ආරම්භ කළ වැඩවර්ජනය අද(17) වන විට තවදුරටත් ව්‍යප්ත වී තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යඥ සංගමයේ ලේකම් වසන්ත ගුණවර්ධන මහතා ලංකා ඩේලි වෙත පවසා සිටියේ වෛද්‍ය කර්මය සඳහා වන පරිපූරක සේවාවන්ට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ ඖෂධවේදී, විකිරණ ශිල්පී, භෞත චිකිත්සක හා වෘත්තීය චිකිත්සක සේවාවන්ට අයත් සබරගමුව/ඌව හා වයඹ පළාත්වල ශික්ෂණ රෝහල් 04 ක හා මහ රෝහල්, මූලික රෝහල්, දිස්‌ත්‍රික්‌ක රෝහල් 75 ක නිලධාරීන් 2200 ක පිරිසක්‌ මෙම සංබේත වැඩ වර්ජනයට සහභාගිව සිටින බවයි.

ගැටලූ සඳහා විසඳුම් නොලැබුණු බැවින් මේ වනවිට කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ (රාගම) හා දකුණු කොළඹ (කළුබෝවිල) රෝහල ඇතුළත් සමස්‌ත බස්‌නාහිර පළාතේත්, කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු දකුණු පළාතේත්, මහනුවර හා පේරාදෙණිය ශික්ෂණ රෝහල් ඇතුළු මධ්‍යම පළාතේත් තවත් රෝහල් 112 ක වැඩ වර්ජනය සබරගමුව, ඌව හා වයඹ යන පළාත්වල ශික්ෂණ රෝහල් 4ක හා මහරෝහල්, දිස්ත්‍රික් සහ මූලික රෝහල් 75ක් මෙම වර්ජනය සඳහා එක් වී ඇති බද ඔහු පෙන්වා දෙයි.

වැඩිදුටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සමග මෙම සේවාවන්ට බලපාන ප්‍රධානම ඉල්ලීම වූ උසස්වීම් සම්බන්ධ ගැටලුව විසඳා ගැනීමට පසුගිය කාලය තුළ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවද ඒ සියලු සාකච්ඡා මේ වන විට අසාර්ථක වී ඇති බවයි.

ඉදිරි සති දෙක ඇතුළත අදාළ ගැටලු සඳහා විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජයක් සඳහා යොමු වන බවත් මේ වන විට ක්‍රියාත්මක වැඩවර්ඡනයේදී ජීවිතාරක්ෂක සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද ඔහු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us