එම උද්‍යානයේ අතිරේක අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ ප්‍රකාශ කළේ නයාට හානියක් සිදුව නොමැති බවයි.
එහෙත් නයාගේ ශරීරයේ කුඩා තුවාලයක් තිබෙන බව ඇය සඳහන් කළාය.
මෙම සුදු නයා සොයාගෙන ඇත්තේ පක්ෂීන් සංදර්ශන සඳහා පුහුණු කරන ප්‍රදේශයට විසිකර දමා තිබියදිය.
පසුගිය සිකුරාදා සහ ඉරිදා රාත්‍රි කාලය අතරතුර මෙම නයා අතුරුදන්වන්නට ඇති බවට සැක කරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.
කෙසේ වෙතත් නයා නොමැති බව අනාරවණ වූයේ පසුගිය සඳුදා දිනයේය.
සුදු නාගයා අතුරුදන් වූ දිනයේ සිට ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ පොලිසිය පුද්ගලයින් පස්දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.