ළමා අපයෝජන පැමිණිලි 14000 ඉක්මවයි

Published in පුවත්
Thursday, 17 July 2014 10:00

2010 වසරේ ජූලි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ළමා හිංසන කි‍්‍රයා සහ අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් දෙලක්ෂ දහදහස් තුන්සිය දාහතරක් ලැබී ඇති බවත්, ඉන් විසි අටදහස් නවසිය විසි එකක් පැමිණිලි ලෙස සලකා පොලිස් ස්ථාන වෙත භාර දී ඇති බවත් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පැවසුවාය.

එලෙස භාරදුන් පැමිණිලිවලින් දාහතරදහස් හතළිස් හතරක් සම්බන්ධයෙන් නඩු පවරා ඇති අතර, ඉතිරි ඒවා සම්බන්ධයෙන් ද ඉදිරියේදී නඩු පවරන බවද අනෝමා දිසානායක මහත්මිය කියා සිටියා ය.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ ඊයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ඇය මෙම අදහස් පළ කළේය.

ළමා අපයෝජන සහ හිංසන කි‍්‍රයා පිළිබඳ තම අධිකාරිය වෙත වාර්තා වන පැමිණිලි සම්බන්ධයෙන් තරාතිරම හෝ සමාජ පසුබිම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

''අපිට, ජාතික ළමාරක්ෂක අධිකාරියට දේශපාලනඥයෙක් කියන එක ගැනවත් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. දරුවෝ විතරයි අපිට තියෙන්නේ. දරුවෙක්ව අපයෝජනය කළේ කවුද එයාට විරුද්ධව කොහොම කෙනෙක්ද කවරෙක්ද තරාතිරම අපි බලන්නේ නැහැ. මම ඇවිත් අවුරුදු හතරක් වෙනවා. එහෙත් මේ වනතෙක් නිල වශයෙන් දේශපාලන ධුරයක් දරන කෙනෙක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා නැහැ. නමුත් එහෙම වුණත් මම වගකීමෙන් කියනවා ළමාරක්ෂක අධිකාරිය කිසිදු බලපෑමකින් තොරව ඒ කටයුත්ත ඉෂ්ඨ කරනවා කියලා.'' යයි ද ඇය පැවසුවාය.

සමාජ වෙබ් අඩවි හරහා කුඩා දරුවන් අපයෝජනයට ලක්කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ඉකුත් දිනවල පැමිණිලි ඉදිරිපත් වු බවත්, එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ළමාරක්ෂක අධිකාරිය විවිධ උපක‍්‍රම භාවිත කරන බවත් අනෝමා දිසානායක මහත්මිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා ය.

(nethfm)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us