විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ගෙවීම පට්ට පල් බොරුවක්

Published in පුවත්
Thursday, 17 July 2014 15:07

විශ්‍රාම වැටුප් පාරිතෝෂික මුදල් ගෙවා නැති 18,000 ක ප්‍රමානයෙන් 10,000 කට පසුගිය සතිය තුල විශ්‍රාම පාරිතෝෂික ගෙවා නිමකරන බවට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනමාධ්‍යට කළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසා සිටින්නේ අද වන විට කිසිවෙකුට මෙම විශ්‍රාම පාරිතෝෂික මුදල් බැංකු ණයක් ලෙස ගෙවීමට රජය ගත් තීරණයන් සමග වෘත්තීය සමිති ඒ සඳහා කළ දැඩි විරෝධය හමුවේ එම තීරණය රජය විසින් අකුලා ගත් අතර විශ්‍රාම වැටුප් පාරිතෝෂික මුදල් පෙර පරිදි රජය හරහා ගෙවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලද බවයි.

එයට අදාල චක්‍ර ලේඛය 2014.06.19 දින විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කෙරිණි

නමුත් විශ්‍රාම වැටුප් පාරිතෝෂික අපේක්ෂාවෙන් 2013 ඔක්තොම්බර් සිට මේ දක්වා පෝලිමේ සිටින 18,000 ක් පමණ වන විශ්‍රාමිකයන් හට චක්‍රලේඛය නිකුත් කර මාසයක් ගතවී තිබියදිත් පාරිතෝෂික ගෙවීමට කටයුතු නොකිරිම බරපතළ අසාධාරණයකි.

විශ්‍රාම පාරිතෝෂික ගෙවීමට අවශයි රු. කෝටි 900 ක මුදල භාණ්ඩාගාරය විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබාදි නැති බව පැහැදිලිය. එබැවින් වසර 30 / 40 ක් රටට වැඩ කර විශ්‍රාමික රාජ්‍ය සේවකයන් අමාරුවේ නොදමන ලෙසත් ආණ්ඩුවේ ආර්ථික කලමණාකරණයේ අකාර්යක්ෂමතාවය රජයේ සේවකයන් පිට නොදමන ලෙසත් ආණ්ඩුවට අවධාරණය කරන්නෙමු.

ඉදිරි සති 2 තුල වහාම මෙම විශ්‍රාම වැටුප් පාරිතෝෂික මුදල් ගෙවා අවසන් නොකළහොත් නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බවද ඔවුන් පවසා සිටී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us