මෙම විශේෂඥ සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියරාලියොන්හි යුධ අපරාධ සම්බන්ධ ප්රධානියෙකු වන ශ්රී ලාංකික, බි්රතාන්ය නීතිවේදියෙකු වන ඩෙස්මන් ද සිල්වායි.
ශ්රීමත් ජෙෆ්රි නයිස් සහ මහාචාර්ය ඩේවිඩ් කෙරන් එම සභාවේ අනෙකුත් සාමාජිකයින් දෙදෙනායි.
ඊට අදාළ ගැසට් පත්රය පසුගිය 15 වැනිදා නිකුත් කර ඇත.
අතුරුදන්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති කොමිසමේ විශේෂඥ උපදේශකවරුන් ලෙස ඔවුන් කටයුතු කරනු ඇත.