News Items (18842)
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩා තරඟවලින් සමුගැනීමට තීරණය කර තිබේ.
බාල වයස්කාර දැරියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇය ගැබිණියක් බවට පත් කර පලා ගොස් ඇති බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට ආණමඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැන්මම ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් පත් යොමුකරන්නැයි පුද්ගලයින් ලියා පදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටී.
පසුගියදා පැවැත්වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ජැක්සන් ඇත්නනි දිනාගන්නා ලදි. ඒ අප්පච්චි ටෙලි නාට්‍යයේ රංගනය සඳහාය.
පසුගිය 12 වැනිදා පැහැරගෙන ගොස් බෙලිඅත්තේදී කපා කොටා දමා සිටියදී සොයාගත් තරුණයා ගාල්ල කරාපිටිය රෝහලේදී අද (14) මිය ගොස් තිබේ.
දකුණු අමෙරිකානු රටක් සත්කාරකත්වය දැරූ රටක යුරෝපානු රටක්ලෝක පාපන්දු කිරුළ දිනා ගත් පළමු අවස්ථාව බවට පත්කරමින් ආර්ජන්ටිනාව ගෝලඑකට බිංන්දුවක් ලෙස පරාජය කරමින් වසර විසි හතරකට පසු 2014 ෆිෆා පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ජර්මනිය සමත් වුණි.
කාන්තාවන්ගේ සිරුරට ඇතුළු කෙරෙන ඉලෙක්ට්‍රෝනික චිපයක් මගින් උපත්පාලනය සිදුකෙරෙන ක‍්‍රමයක් හඳුන්වාදීමට ඇමරිකා සමාගමක් සැරසේ.
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ බස් රථ 200ක් යොදාගෙන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාක්මක කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
