එජාප මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා, ජනාධිපතිතුමන්ගේ පුතාලා සමඟ රැය පහන්වන තුරු සමාජ ශාලාවල මත්පැන් බොන්නේ යයි වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ජාතිකයින් පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති වදිවෙල් ක්‍රිෂ්ණමුර්ති මහතා පවසයි.

දැනට මසක පමණ කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති කම්කරු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා සුදුසු නිලධාරියෙකු පත්නොකිරීම හේතුවෙන් ලක්ෂ 23 ක් ඉක්මවූ කම්කරු ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදල් (EPF) වල විනිවිදභාවය හා සුරක්ෂිතභාවය පිළිබඳව ගැටලු රැසක් පැනනැගී ඇති බවට කම්කරු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති චෝදනා කර සිටියි.

මීට වසර තිහකට පෙර හමු වූ පොසිල ආධාරයෙන් ලොව සිටි විශාලතම පක්‍ෂියා හඳුනා ගැනීමට ඇමරිකානු විද්‍යාඥයෝ සමත් වෙති.

දැනට මිහි පිට සිටින විශාලතම පක්ෂියා වන අල්බට්‍රොස් මෙන් දෙගුණයක් පමණ විශාල වූ මෙම පක්‍ෂියා තටු විහිදා සිටින විට අඩි 20-24 ක් තරම් වූ පරාසයක් ආවරණය වන බව විද්‍යාඥයන් පවසති.

වසර මිලියන විසිපහකට පෙර මෙලොව ජීවත් වූ මෙම පක්‍ෂියා රුව පරිගණක ආධාරයෙන් රූපණය කර ඇති අතර එය දර්ශනීය සැහැල්ලු ගුවන් යානයක ස්වරූපයක් ගනී.

නමුත් මෙම පක්‍ෂියා විශාලත්වය හා බර සැලකිල්ලට ගැනීමේදී ගුවන් ගත වීම සහ යළි පොළොවට වැසීම ඉතා දුෂ්කර කාර්යයක් වන්නට ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.

Biggest-Bird

පරිගණක ආධාරයෙන් රූපණය කර ඇති පක්‍ෂියා

Big-Fly 1

තටු විහිදා සිටින විට අඩි 20-24 ක් තරම් වූ පරාසයක් ආවරණය වන බව

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝජිතයා ලෙස කටයුතු කරන්නෙකු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ තරග ප්‍රවේශ පත්‍ර මගඩියක නිරතව සිටින බව වාර්තාවේ.

බේරුවල - අලුත්ගම ප්‍රදේශවලදී පසුගිය ජුනි මස 15 වැනි දින සිදුවීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තමන්ට පැවැරී ඇති බලතල ප්‍රකාරව නිසි පරිදි තම රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වීම නිසා ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු එසේ ඉල්ලා අස් නොවන්නේ නම් ඊට විරෝධය දක්වා තමන් මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් දක්වමින් පොලිස්පතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වේ නම් දක්ෂ නිලදරුවකු රටට අහිමි කිරීම පිළිබඳ විරෝධය පාමින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

පසුගියදා මුලතිවු දිස්ත්‍රික්කයේ දී පවත්වන ලද අතරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධව පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ පැමිණිලි භාර ගැනීමක දී අලුතින් පැමිණිලි 300 ක් ලැබුණු බව එම කොමිසමේ සභාපති හිටමු මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතා පවසා 'කල්ම්බෝ ගැසට්" වෙබ් අඩවියට පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සමාජ කණ්ඩායම්වල මාධ්‍ය ක්‍රියාකාරකම් වළක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් කර ඇති නියෝගය ගැන පළවී ඇති වාර්තා මත ඇමෙරිකාවේ අවධානය යොමු වී ඇති බව ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මුළු මහත් ලාංකික ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් පසුගිය සතියේ 'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' කිරුළ පැළඳි එම්. ජී. ධනුෂ්ක, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට යොදා ගැනීමේ සුදානමක් පවතින බව වාර්තාවේ.

කොන්ද කෙළින් තියෙන බෞද්ධ භික්ෂු නායකත්වයක් තවම මේ රටේ පහළ වී නැතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.

Connet With Us