News Items (18842)
පොලිසියෙන් සහ පාතාල කල්ලිවලින් බව කියමින් රටපුරා ව්‍යාපාරිකයන්ට, ධනවත් පුද්ගලයන්ට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගන්නා මහර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු හෙළිකරගත් කොළඹ අපරාධ කොට්‌ඨාසය ඊට සම්බන්ධ කාන්තාවක්‌ද අත්අඩංගුවට ගෙන ඇත.
දැනට බන්ධනාගාරවල සිටින මරණ දඬුවම නියම වූවන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස වෙනස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම වාර්තාව මගින් නිර්දේශ කර ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප‍්‍රමුඛ ‘පිවිතුරු හෙටක්’ උදෙසා ජාතික සභාවේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවති අතර, දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, අනුපාත ඡන්ද ක‍්‍රමය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකෙරුණු බවයි.
සුමනා ගෝමස් කියන්නේ 80 දශකයේදී කාම රැල්ලේ චිත්‍රපටවල රඟපා ජනප්‍රියත්වයට පත් නිළියක් කියන එක කාටත් අමතක නැතුව ඇති. ඉතින් මේ කියන්න යන්නේ සුමනා ගෝමස්ගේ අලුත්ම ව්‍යාපාරික කටයුත්තක් ගැනයි.
ප‍්‍රංශ ජාතිකයෙකුට අසභ්‍ය චිත‍්‍රපට 200 ක් පමණ නිෂ්පාදනය කිරීම සඳහා බාල වයස්කාර පිරිමි ළමයින් සපයා ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන සංචාරකයන්ට මඟ පෙන්වන පුද්ගලයෙක් ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකය විසින් මීගමුව ප‍්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.
වසර 24කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට පිවිසීමට ආජන්ටිනාව අද අලූයම සමත් විය. ඒ, අවසන් පූර්ව තරගයේදී වත්මන් අනුශුරයින් වන නෙදර්ලන්තය පරාජය කරමිනි.
හිරු එළියෙන් සම ආරක්ෂා කරගැනීම සඳහා බොහෝ රටවල ජනතාව "සන් ස්ක්‍රීන්" හෙවත් හිරු ආලේපන භාවිතා කිරීමට පුරුදුව සිටිති. විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් මේ සඳහා වැඩි ඉල්ලුමක් පවති. මේවා නිෂ්පාදනය කරන ආයතන, තම ආලේපන හිරු එළියෙන් සම ආරක්ෂා කරන බවත් සමට මනා පෝෂණයක් සපයන බවත් පවසති.
රුහුණු හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල සිසුන් 12දෙනෙකු පොලීසියට එරෙහිව ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසංග වේදිකාවට අලුත් ආරයක් හඳුන්වා දුන් ජොලි සීයා හෙවත් චන්දු ද සිල්වා තමන් වගේම සුදු කොණ්ඩෙත්, සුදු රැවුලත් දාගෙන කටහඩත් වෙනස් කරගත්තු තව තවත් සීයලා 04 දෙනෙකුට විරුද්දව නඩු පවරා ඇත.
මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අරඹේකඩේ ප්‍රදේශයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගමන්ගත් ජීප් රථය හා යතුරු පැදියක් ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනකු තුවාල ලැබ ගලගෙදර හා මහනුවර රෝහල්වලට ඇතුළත් කැර තිබේ.
