ජොලි සීයා, හොර සීයලාට එරෙහිව උසාවි යයි

Published in පුවත්
Thursday, 10 July 2014 09:54

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසංග වේදිකාවට අලුත් ආරයක් හඳුන්වා දුන් ජොලි සීයා හෙවත් චන්දු ද සිල්වා තමන් වගේම සුදු කොණ්ඩෙත්, සුදු රැවුලත් දාගෙන කටහඩත් වෙනස් කරගත්තු තව තවත් සීයලා 04 දෙනෙකුට විරුද්දව නඩු පවරා ඇත.



ඒ විදිහේ හොර සීයලා නිසා තමන්ට බඬේ පහර වැදුණු බව ඇත්ත ජොලි සීයා හෙවත් චන්දු පවසයි.


"මගේ රැකියව ගීත ගායන කිරිම. ඊට අමතරව මම මුකුත් කරන්නෙ නෑ. එ්කෙන් ලබෙන දෙයින් තමයි බිරිදත් දරුවොත් එක්ක කාල බීල ඉන්නේ. ළඟදි ඉඳන් ලැබෙන ප්‍රසංග අඩු නිසා හොයල බලනකොට ජොලි සීයා නමින් තව හොර සීයල මගේ ගීත ගායනා  කරනවා. මේකෙන් මගේ රැකියාවට බඩේ පහර වැදුනා. අාර්ථිකය පැත්තෙන් වැටුනා."

 තමන්ගේ ගීත ගායනා කරන්න විතරක් නෙමේ. තමන් වගේ කොණ්ඩය සහ රැවුල සකස් කරන්නත් තමන්ගේ කඩහට අනුකරණය කරන්නත් වෙනත් කෙනෙකුට නොහැකි බවද චන්දු ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.


"බුද්ධිමය දේපල පනත යටතේ ජොලි සීයා කියන මගේ නම මූණ රැවුල සිංහල දමිළ ඉන්ග්ලිශ් භාෂා  තුනෙන්ම මං රෙජිස්ටර් වෙලා තියෙන්නේ.
ඉතින් මගේ වගේ මූන පාවිච්චි කරන්නත් බෑ මගේ හඬ ගන්නත් බෑ තව මගේ ගීත ගයන කරන්න බෑ. මගේ ගීත වල 100ට 100ක් ම ගායනය මම. තනුව 100ට 90ක් මගේ, අනිත් ඒව මගේ හිතවතුන් කීප දෙනෙක් රචනා කරලා තියෙන්නේ"


මෙම කරුණු සැලකිල්ලට ගෙන හොර සීයලට එරෙහිව තමන් පොලිසියට පැමිණිල්ලක් කළ බවත් ඒ අනුව කෙරුණු විමර්ශනවලදී හොර සීයලා 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් චන්දු ද සිල්වා අප සමග ප‍්‍රකාශ කළේය.


 එම හොර සීයලට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ මේ වන විට නඩු විභාග වේ. තමන් එතනින් ද නතර නොවන බව චන්දු කියා සිටියේය.

හොර සීයලට එරෙහිව ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග මෙන්ම  රසිකයින් වෙනුවෙන් කළ තමන්ගේ අලූත් නිර්මාණ ගැනත් ඔහු මෙසේ අදහස් දැක්විය.


"එකක් කරල තියනවා ඩෙන්ග ඩෙන්ග කියලා සීඩී පටයක්, ඒක නිකුත් වෙන්න තියනවා. ඒ වගේම තව හොර සීයල 8 දෙනෙක්ව අත්අඩංගුවට අරගෙන හොර සීයලව අල්ලගෙන,අර්ථිකව වැටුන නිසා මම නඩුවක් දානවා මේ කට්ටියට විරුද්ධව"

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us