ව්‍යාපාරිකයන්ට සහ ධනවත් පුද්ගලයන්ට තර්ජනය කිරීම සඳහා මෙම සංවිධානාත්මක කල්ලිය යොදාගත් ජංගම දුරකථන දෙකක් සහ සිම් කාඩ්පත් පහක්‌ද මහර බන්ධනාගාරයේ සිර මැදිරියක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පාතාල ලෝකයේ අපරාධකරුවන් සහ පොලිසියෙන් බව කියමින් තමන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ඉල්ලන බවට කොළඹ හ අවට ප්‍රදේශවල පදිංචි ධනවත් පුද්ගලයන් පහළොස් දෙනෙකුගෙන් කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත පැමිණිලි ලැබී ඇත.
ව්‍යාපාරිකයන්ට ඇමැතුම් ලබාදුන් දුරකථන අංක ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය එම ඇමතුම් ලැබෙන්නේ මහර බන්ධනාගාරයෙන් බව හෙළිකර ගෙන ඇත.
ඒ අනුව පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලදී මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට සමත් විය.
ධනවත් පුද්ගලයන්ට තර්ජනය කර ඔවුන් ලවා බැංකු ගිණුම් වල තැන්පත් කර ගන්නා මුදල් මහර බන්ධනාගාරයේ සිටින අපරාධකරුවන් ගෙන්වා ගන්නේ මෙම කාන්තාවගේ මාර්ගයෙන් බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකාර කාන්තාවගෙන් අපරාධ කොට්‌ඨාසය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර මෙම කප්පම් කල්ලියට සම්බන්ධ මහර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් ද නීතියේ රැහැනට නතුකර ගැනීමට නියමිතය.
පොලිසියෙන් සහ පාතාල කල්ලිවලින් බව කියමින් රටපුරා ව්‍යාපාරිකයන්ට, ධනවත් පුද්ගලයන්ට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගන්නා මහර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු හෙළිකරගත් කොළඹ අපරාධ කොට්‌ඨාසය ඊට සම්බන්ධ කාන්තාවක්‌ද අත්අඩංගුවට ගෙන ඇත.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

