අස්සාය පැන්න පසු ස්ථාලය වැසූ කි‍්‍රකට් අම්බයන් දෙන්නා

Published in ක්‍රීඩා
Wednesday, 09 July 2014 19:01

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල හා දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් පිල අතර ලබන 13 වැනිදා සූරියවැව කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයට අඳුරෙන් බාධාවක් ඇතිවුවහොත් විදුලි ආලෝක ධාරා යොදා ගැනීමට දෙරටේ කි‍්‍රකට් පාලන ආයතන එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වේ.

මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ පළමු එක්දින තරගයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල පසුගිය 06 වැනිදා දකුණු අපි‍්‍රකාවට පරාජයවීමට හේතු වූයේ ඛෙත්තාරම පිටියේ විදුලි ආලෝක ධාරා තිබුණද ඒවා දැල්වීමට නොහැකිවීම නිසා බවට එල්ල වූ චෝදනා හේතුවෙනි.

අදාළ කී‍්‍රඩාංගනයේ විදුලි ආලෝක ධාරා තිබුණද ඒවා දැල්වීමට නොහැකි වූයේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හා දකුණු අපි‍්‍ර‍කානු කි‍්‍රකට් මණ්ඩලය සමඟ අත්සන් තබා ඇති ගිවිසුම හේතුවෙන් බවට මාධ්‍ය විසින් අනාවරණය කිරීමෙන් පසුව මේ එකඟතාවයට පැමිණ ඇති බවද පැවසේ.

කෙසේ වුවද විදුලි ආලෝක ධාරා ලබා ගැනීමට ජෙනරේටර භාවිතා කළ යුතු වන අතර අදාළ ජෙනරේටරය වෙනුවෙන් රුපියල් 344,000/- ක මුදලක් වැය කළ යුතුව ඇති බව ද මේ අතර වාර්තා වේ.

එම මුදල ජෙනරේටරය ලබා ගැනීමට පමණක් වැය කළ යුතු මුදලක් බවත් ඉන් විදුලිය ලබාගතහොත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් ගෙවිය යුතු බවත් පැවසේ.

තරගාවලියට පෙර මේ අදාළ විදුලි ආලෝක ලබා ගැනීමේ කොන්දේසි ඇතුළත් නොකර ඇත්තේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් මෙහෙයුම් අධ්‍යක්ෂ කාල්ටන් බර්නාඩස් හා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලේකම් නිශාන්ත රණතුංගගේ හිතුවක්කාරී කි‍්‍රයාකලාපයක් හේතුවෙනි.

කි‍්‍රකට් විධායක කිමිටුවට ඉදිරිපත් නොකොට පළමු ගිවිසුම නිශාන්ත හා බර්නාඩස්ගේ හිතුමතේට සිදු කළද අවසන් එක්දින තරගයේ විදුලි ආලෝකය වෙනුවෙන් වැය වන මුදල අනුමතකර ගැනීමට ඉදිරි විධායක කමිටු රැස්වීමට යොමුකර ඇති බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද කි‍්‍රකට් විචාරකයන් පෙන්වාදෙන්නේ මේ දෙදෙනාගේ අඥ්ඥාන කි‍්‍රයාව මේ වෙනස් කිරීමෙන් නිවරදි කළ නොහැකි බවයි.

ඔවුන් කියා සිටින්නේ අවසන් තරගයේදී දෙවැනිවර පන්දුවට පහරදීම දකුණු අපි‍්‍රකානු පිල සිදු කළ හොත් එවිට එහි අවාසිය සිදුවන්නේ ශී‍්‍ර ලංකා පිලට බවයි.

ඔවුන් පවසන්නේ මෙය අස්සයා පැනගිය පසු ස්ථාලය වසාදැමීම වැනි වැඩක් බවයි.

(ශ්‍රී ලංකා මිරර්)

Last modified on Wednesday, 09 July 2014 19:20

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us