ජර්මනිය, බ්‍රසීලය පරදා වාර්තාවක් තබයි

Published in ක්‍රීඩා
Wednesday, 09 July 2014 09:09

අද (09) අලුයම බ්‍රසීලය සමඟ පැවති අවසන් පුර්ව තරගයෙදී සත්කාරක බ්‍රසීලය පරදා, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ජර්මනිය සමත්වී විය.

ලෝක වාර්තාවක් ද සමඟින්, ජර්මනිය එම තරගය 01ට 07ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී.

මෙය ලෝක පාපන්දු ඉතිහාසයේ අවසන් පුර්ව වටයක දී කණ්ඩායමක් ලබා ගත් දැවැන්තම ජයග්‍රහණය ලෙස වාර්තා වේ.

මෙම තරගයේ පළමු විනාඩි 29 තුළ ගෝල 05ක් රැස් කිරීමට ජර්මනිය සමත්විය. තරගයේ දෙවැනි අර්ධයේ දී ඔවුන් තවත් ගෝල 02ක් රැස්කර ගත්තේ බ‍්‍රසීල පාපන්දු ලෝලීන්ගේ සියලූ බලාපොරොත්තු සුනුවිසුනු කරමිනි.

බ‍්‍රසීලය වෙනුවෙන් සටහන් වු එකම ගෝලය වාර්තාවුයේ තරගයේ අවසන් විනාඩියේදිය. ඔස්කාර් සැන්ටෝස් ක‍්‍රීඩකයා එම ගෝලය වාර්තා කළේය.

ජර්මනිය වෙනුවෙන් ඇන්ඩ්‍රේ ෂර්ලේ සහ ටෝනි කෲස් යන ක‍්‍රීඩකයින් ගෝල 02ක බැගින් රැස්කර ගත් අතර, සමී කෙදීරා, මර්ස්ලෝව් ක්ලෝසේ සහ තොමස් මුලර් ද එක් ගෝලය බැගින් රැස්කර ගත්තේ සිය රසිකයින් අමන්දානන්දයට පත් කරමිනි.

බ‍්‍රසීල පාපන්දු ලෝලීන් මෙම තරගය නැරඹිමට පැමිණ සිටියේ සිය වීරයා වු නේමාර් ද සිල්වා ආබාධයකට ලක්ව රෝහල් ගතව සිටීම ගැන දැඩි වේදනාවකිනි.

බ‍්‍රසීල කණ්ඩායමේ නායකත්වය දැරු තියාගෝ ද සිල්වා ද තරග තහනමකට ලක්වීම නිසා මෙම තරගයට සහභාගි නොවිය.

කෙසේ වෙතත් කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයින් සිය බලාපොරොත්තු මල්ඵල ගන්වනු ඇතැයි බ‍්‍රසීල පාපන්දු ලෝලීන් අපේක්‍ෂාවෙන් සිටි නමුත්, පළමු විනාඩි 26දීම එම බලාපොරොත්තු බොඳවී යාමත් සමග ඇතැම් පිරිස් කඳුළු පිරි දෙනෙතින් ක‍්‍රීඩාංගණයෙන් පිටව ගියහ.

ලෝක පාපාන්දු කුසලාන තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය හෙට අලුයම නෙදර්ලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවැත්වීමට නියමිතය.

Fifa 2

Fifa 4

Fifa 6

Fifa 10

Fifa 1

Fifa 8

Fifa 9

Fifa 7

Fifa 3

Fifa 5

Last modified on Wednesday, 09 July 2014 09:47

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us