බ‍්‍රසීල නව නායකයා ජර්මානු අභියෝගයට සැරසේ

Published in ක්‍රීඩා
Tuesday, 08 July 2014 12:22

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් හෙට අළුයම 01.30ට ආරම්භ වීමට නියමිතය. සත්කාරක බ‍්‍රසීලය සමග එහිදී තරග වදින්නේ ජර්මනියයි.

බ‍්‍රසීල කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩකයින් දෙදෙනෙකු වන නේමාර් ද සිල්වා සහ නායක තියාගෝ සිල්වා අද තරගයට ක‍්‍රීඩා නොකරයි.

අර්ධ අවසන් වටයේ තරගයේ දී නේමාර් අබාධායකට ලක්වු අතර තියාගෝ කහ කාඞ්පත් දෙකක් ලැබීම හේතුවෙන් තරග තහනමකට ලක්විය.

ඒ අනුව බ‍්‍රසීල කණ්ඩායමට මෙම තරගයේ දී ආරක්‍ෂක ක‍්‍රීඩක ඩේවිඩ් ලුවිස් නායකත්වය ලබාදේ. ඔහු කණ්ඩායමේ උපනායකයා ද වේ. ජර්මනිය සමග පැවැත්වෙන තරගයට සාර්ථකව මුහුණ දීමට තමන් සුදානම් බවත්, දක්‍ෂ ක‍්‍රීඩකයින් රැසකගෙන් සමන්විත බ‍්‍රසීල කණ්ඩායම මෙහෙයවීම එතරම් අසීරු කටයුත්තක් නොවන බවත් ඩේවිඩ් ලුවිස් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර ඇත.

මීට පෙර අවස්ථා 21කදී මෙම කණ්ඩායම් දෙක එකිනෙකා මුණ ගැසි ඇති අතර ඉන් අවස්ථා 12කදී බ‍්‍රසීලය ජයග‍්‍රහණය කර ඇත. ජර්මනිය ජයගෙන ඇත්තේ අවස්ථා 04කදී පමණි. තරග 05ක් විසඳුමකින් තොරව නිමාවට පත්ව තිබේ.

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us