දරුවන්ට උම්මා දෙමින් සිටියාට රටක් හදන්න බැරි යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.

එම පක්‍ෂයේ ‘අපේ දැක්ම’ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් රත්නපුර සම්මන්ත‍්‍රණය අමතමින් දිසානායක මහතා එසේ කීය.

පසුගිය කාලය පුරා ශ‍්‍රී ලංකා රේගුව විසින් නිවේදනය කරන ලද පුවත්වල ප‍්‍රමුඛවම කියවුණේ ප‍්‍රමාණය ඉක්මවා නීති විරෝධීව රන් ආභරණ පැළඳ සිටි පුද්ගලයන්ව අත්අඩංගුවට ගත් බවයි. මේ බොහෝ පිරිස් කොළඹින් ඈත එපිට ප‍්‍රදේශවල සාමාන්‍ය ජනයා වූ බව එම පුවත්වල අන්තර්ගත තොරතුරු පිරික්සීමේදී පැහැදිලි විය.

පා පන්දු ලෝක කුසලාන තරග නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත සංචාරකයින් පිරිසක් බ්‍රසීලයට පැමිණීම හමුවේ එරට ගණිකා ව්‍යාපාරය සරුවනු ඇතැයි සිතුවත් එසේ සිදුවී නැතැයි විශේෂඥයින් කණ්ඩායමක් සිදුකර තිබෙන සමීක්ෂණයකින් අනාවරණය කර තිබේ.

මෙක්සිකෝවේ ධීවර නගරායක නගරාධිපතිවරයකු කිඹුලියක විවාහ කරගත් පුවතක් විදෙස් වාර්තා අනාවරණය කරයි.

වසර 8ක් තුළ ඔට්ටු තැබීම් සඳහා ස්ථාන 324ක් අලූතින් විවෘත වී ඇති බව පාර්ලිමේන්තුවේදී ඊයේ අනාවරණය විය. ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිදුකළ ප‍්‍රකාශයක් සමඟය.

මහත් ආන්දෝලනයකට ලක් වූ දෙරණ වාද පිටිය වැඩසටහනේ දී ඇති වූ ගුටි හරඹය පිළිබඳවත්, එහිදී රාජපක්ෂ පුතුන් රෑ එළිවෙනතුරු නයිට් ක්ලබ් වල බොන බවක් කිවේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ද දයාසිරි ජයසේකර මහතාගෙන් කරුණු විමසා තිබේ.

ඌව පළාත් සභාව අද දින විසුරුවනු ලැබුවොත් එහි මැතිවරණය සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර පැවැත්විය හැකි වනු ඇතැයි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා පවසයි.

සම ලිංගික සම්බන්ධතා නිරූපණය කරන ලොව පැරණිතම ශිලා රූප ඒජියන් දූපතෙන් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. ග්‍රීසියට අයත් මේ දූපතේ ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවසත් ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසත් අතර කාලයේ දී මේ රූ සටහන් තබා ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි. මේ සටහන් මෙතෙක් ලොව හමු වූ පැරණිත ම ශෘංගාරාත්මක සටහන් විය හැකියැයි ද පර්යේෂකයෝ කියති.

පර්යේෂණය සිදුකළ අයොන්නිනා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්ඩ්රියස් ව්ලාචොපලස් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ පැරණි ග්‍රීසියේ පිරිමින් අතර සමලිංගික සම්බන්ධතාවලට තහනමක් නොතිබූ බවයි.

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

erotic-graffiti

 

erotic-graffiti-2

 

දිවා/රාත්‍රී තරගයක්‌ පැවැත්වීමේදී ඒ සඳහා දිනකට මිලියන 19 ක මුදලක්‌ හෙවත් රුපියල් ලක්‍ෂ 190 ක මුදලක්‌ වැය වෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සඳහන් කර සිටියද සත්‍ය වශයෙන්ම ඒ සඳහා වැය වනු ලබන්නේ ඊට හාත්පසින්ම අඩු මුදලක්‌ බව වාර්තා වෙයි.

දික්කසාදය දැන් සුලබ සිද්ධියකි. එහෙත් විවාහයට සියලු කටයුතු සූදානම්ව සිටියදී ලැබුණු පෙට්ටියක් නිසා විවාහය අවලංගු කළ මනමාලයකු ගැන සවුදි අරාබියෙන් වාර්තා වෙයි. 

Connet With Us