'පා පන්දු සැණකෙළියේ අපි වේලෙනවා' -අභිසරුලියෝ

Published in පුවත්
Saturday, 12 July 2014 18:50

පා පන්දු ලෝක කුසලාන තරග නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත සංචාරකයින් පිරිසක් බ්‍රසීලයට පැමිණීම හමුවේ එරට ගණිකා ව්‍යාපාරය සරුවනු ඇතැයි සිතුවත් එසේ සිදුවී නැතැයි විශේෂඥයින් කණ්ඩායමක් සිදුකර තිබෙන සමීක්ෂණයකින් අනාවරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගණිකා වෘත්තියේ යෙදීම සඳහා පුහුණු වූ කාන්තාවන් දහස් ගණනක් රියෝ ඩි ජනයිරෝ නුවර මේ දිනවල සැරිසරන බවත් ඇඟ විකිණීමට මෙහි කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි.

විදේශිකයින් මෙන්ම බ්‍රසීල ජාතිකයින්ද ඇතුළත් වන කාන්තාවන් හා පිරිමින්ගෙන් සැදුම්ලත් මෙම විශේෂඥ කණ්ඩායම විසින් මේ දිනවල රියෝ ඩි ජනයිරෝ නුවර ගණිකා ව්‍යාපාරික කටයුතු පිළිබඳව සිදුකර තිබෙන සමීක්ෂණය මගින් හෙළිකර ගෙන තිබෙන්නේ ලෝක කුසලාන පා පන්දු තරගාවලිය නිසා ගණිකා ව්‍යාපාරික කටයුතු සරුවී නොමැති බවයි.

තමා ණය ගෙවීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමේ අරමුණෙන් Copacabana වෙත පැමිණි බව මෙම සමීක්ෂණය සඳහා සහභාගී වී තිබෙන 24 හැවිරිදි Luna Ferrari නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වා දී තිබෙන අභිසරුලිය පවසා තිබේ.

ලතින් ඇමරිකානු රටවල සිට පැමිණෙන බොහෝ සංචාරකයින් රැගෙන එන්නේ දුර්වල මුදල් ඒකක බවත් ඔවුන් හෙට්ටු කිරීමට රුසියන් බවත් සඳහන්ය.

මොවුන් ගෙවන්නේ බ්‍රසීල ජාතිකයින්ටත් වඩා අඩු මුදලක් යැයි Luna Ferrari සඳහන් කර තිබේ.

“සමහර වෙලාවට අපිටත් වඩා අඩු මුදලක් තමයි සංචාරකයින් සතුව තිබෙන්නේ.“ යනුවෙන් ඇය සමීක්ෂණය සඳහා වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

මෙම සමීක්ෂණය මගින් රියෝ ඩි ජනයිරෝ හි, ගණිකා ව්‍යාපාරික කටයුතු කරන ස්ථාන 279 ක් හඳුනාගෙන තිබෙන අතර පා පන්දු ලෝක කුසලානය නිසා ව්‍යාපාරික කටයුතු වර්ධන වී තිබෙන්නේ ස්ථාන 16 ක පමණක් බව සඳහන්ය.

(Derana Biz)

Last modified on Sunday, 13 July 2014 01:01

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us