රේස් ඔට්ටු හිමිකරුවන්ට සඟරුවනේ විරෝධය (වීඩියෝ)

Published in පුවත්
Saturday, 12 July 2014 16:39

වසර 8ක් තුළ ඔට්ටු තැබීම් සඳහා ස්ථාන 324ක් අලූතින් විවෘත වී ඇති බව පාර්ලිමේන්තුවේදී ඊයේ අනාවරණය විය. ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිදුකළ ප‍්‍රකාශයක් සමඟය.

එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කළේ අනෙකුත් සියලූ බදු වැඩි කර තිබියදී ඔට්ටු තැබීමේ ව්‍යාපාරවලට නියමිත බද්ද පමණක් සියයට 50කින් අඩු කර ඇති බවයි.

එම අවස්ථාවේදී රජයේ පාර්ශවය නියෝජනය කරමින් අදහස් දැක්වූ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම කියා සිටියේ අවශ්‍ය බදු ආදායම ලැබෙන්නේ නම්, එය ගැටළුවක් නොමැති බවයි.


එහෙත් හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා එය ප‍්‍රතික්ෂේප කල අතර, ඔට්ටු තබන මධ්‍යස්ථාන හිමිකරුවන්ගේ නම් හෙළි කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.


කෙසේ වෙතත්, ඔට්ටු තබන මධ්‍යස්ථානවල හිමිකරුවන්ගේ නම් මෙලෙස හෙළි නොවුණත් එය පිටුපස ඉන්නේ කවුරුන්ද යන්න රහසක් නොවන බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසිය.

ඔට්ටු තැබීමේ මධ්‍යස්ථානවල හිමිකරුවන් අතර සිටින දේශපාලනඥයින් මෙම සූදුව හරහා දෛනිකව විශාල මුදලක් උපයා ගනු ලබයි. සූදුව හරහා මතුව ඇති සමාජීය ගැටළු ඔවුන් කිසිවෙකුටත් මායිම් නොකරයි.

මෙම සූදු ක‍්‍රීඩාවට එරෙහිව පසුගිය කාලවකවානුවේ සර්ව ආගමික නායකයින් හා මහජනතාව පෙළ ගැසුණු අවස්ථා ද දක්නට ලැබිණ.

කැකිරාවේ ප‍්‍රදේශවාසීන් කිහිප දෙනෙකු මීට පෙර කැකිරාව නගරයේ අලූතින් ඉදිකිරීමට නියමිතව තිබූ තුරඟ තරඟ සූදු මධ්‍යස්ථානයකට එරෙහිව උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාට සංදේශයක් ද භාර දෙනු ලැබිය.

ආගමික නායකයින් ද පෙන්වා දෙන්නේ සමස්ත සමාජයටම තුරඟ තරඟ සූදුව අහිතකර බවයි. ඒ පිළිබඳ අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය අගලකඩ සිරි සුමන හිමියන් සඳහන් කළේ මෙය විශාල සමාජ ව්‍යසනයක් බවයි. පවුල් බිද වැටීමට මෙම තත්ත්වය දැඩිව බලපාන බව උන්වහන්සේ අවධාරණය කළහ. පූජ්‍ය කිරම විමලජෝති හිමියන් ද ඔට්ටු තැබීමේ සූදුව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරති.

වැඩිහිටියන් කරන ඔට්ටු තැබීමේ සූදුව හරහා බැට කන්නේ රටේ අනාගතය භාර ගන්නට ඉන්න දරුවන් නොවේද? ව්‍යවසනකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක ඔට්ටු තැබීමේ සූදුවට තිත තැබිය නොහැක්කේ කුමන බලපෑමක් නිසා ද යන්න ගැටළුවකි.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us