''මම බොනවා කීවද'' ? - නාමල්, දයාසිරිගෙන් අසයි

Published in පුවත්
Saturday, 12 July 2014 08:27

මහත් ආන්දෝලනයකට ලක් වූ දෙරණ වාද පිටිය වැඩසටහනේ දී ඇති වූ ගුටි හරඹය පිළිබඳවත්, එහිදී රාජපක්ෂ පුතුන් රෑ එළිවෙනතුරු නයිට් ක්ලබ් වල බොන බවක් කිවේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ද දයාසිරි ජයසේකර මහතාගෙන් කරුණු විමසා තිබේ.

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වයඹ පළාත් මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා ගෙන් ද විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, බදුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) හරීන් ප්‍රනාන්දු මහතා ගෙන් ද මෙම ගැටුම පිළිබඳව කරුණු විමසා ඇත.

මේ අතර, සිද්ධියට අදාළ දෙරණ වාද පිටිය වැඩසටහනේ විරාමය අතර සිදුවීම බොඳ නොකර සම්පූර්ණයෙන්ම විකාශණය කරන්නේ නම් තමන් එකඟ බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ජනතාවට සත්‍යය දැනගැනීමට ආන්දෝලනයට තුඩුදුන් එම වාදපිටිය වැඩසටහනේ අදාළ සිදුවීම සම්පූර්ණයෙන් ප්‍රචාරය කරන්නේනම් තමන් වඩාත් කැමති බව දෙරණ රූපවාහිනිය අමතමින් ඒ මහතා පවසා තිබේ.

තමන් අතින්ද වැරදි සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් තමන් අතිශය කනගාටුවට පත්වන බවත් එම වැඩසටහන අමතමින් ඒ මහතා සඳහන් කර ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් එකී වීඩියෝ දර්ශන සම්පූර්ණයෙන්ම පෙන්වීමට එකඟ නොවන බවයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us