මැකො, ඌව අපේක්‍ෂකයන්ගේ පූර්ව ප‍්‍රචාරය බාරගනී

Published in පුවත්
Friday, 11 July 2014 14:00

ඌව පළාත් සභාව අද දින විසුරුවනු ලැබුවොත් එහි මැතිවරණය සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර පැවැත්විය හැකි වනු ඇතැයි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මෙසේ සඳහන් කලේ දේශපාලන පක්‍ෂ නායකයන් සමඟ අද පැවති විශේෂ සාකච්චාවේදීය.

ඌව පළාතේ පවතින මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව වෙනස් විය හැකි බවත් ඒ සම්බන්ධ නිල නිවේදනය මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමේ නිවේදනයත් සමඟ නිකුත් කරන බවද ඒ මහතා කීය.

මෙවර මැතිවරණයේදී පූර්ව මැතිවරණයට අදාල නීතීන් දැඩි ක‍්‍රියාත්මක කරන බවත් පැවසූ ඒ මහතා තමා විසින්ද අපේක්‍ෂකයන්ගේ නම් සහ අංක ප‍්‍රචාරය කර දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවද සඳහන් කලේය. මේ යටතේ දැනට නිවෙස්වලට බෙදන අපේක්‍ෂක නාම ලේඛණය ප‍්‍රමාණිකව විශාලනය කර මුද්‍රණය කර රජයේ කාර්යාලවල සහ පොදු ස්ථානවල අලවන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර, ඌව පළාත් සභාව අද මධ්‍යම රාත‍්‍රීයේ සිට විසුරුවා හැරීමට උපදෙස් ලැබී ඇතැයි එහි මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ අනුව දෙසතියක් ඇතුලත නාම යෝජනා කැඳවා මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප‍්‍රකාශයට පත් කරනු ඇත.

ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබුනේ සැප්තැම්බර් මස 02 වන දිනට ය.

පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා සහ ප‍්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.

Last modified on Friday, 11 July 2014 14:28

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us