බිත්තර වලින් ගැසූ ජස්ටින් බීබර්ට දඬුවම්

Published in විදෙස්
Friday, 11 July 2014 11:39

පසුගිය ජනවාරි මස කැලිෆෝනියාවේ තම අසල්වැසි නිවසකට බිත්තර වලින් පහර දීමේ වරදට ජස්ටින් බීබර්ට අධිකරණය මගින් දඬුවම් නියම කෙරිණ.



විනිසුරුවරයා විසින් ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබර්ට කෝපය පාලනය කර ගැනීමේ වැඩ සටහනකට සහභාගී වන ලෙස සහ සමාජ සේවයේ යෙදෙන ලෙසට නියෝග කර ඇත.

සිදුවූ අලාභ හානි වෙනුවෙන් ඩොලර් අසූ දහසක වන්දි මුදලක් ගෙවීමට ද විනිසුරුවරයා විසින් නියම කෙරිණ.

ජස්ටින් බීබර්ගේ නීතීඥ වරුන් විස්තර කරන්නේ බිත්තර වලින් දමා ගැසීමේ සිද්ධිය ලාබාල විහිළුවක් ලෙසයි.

නමුත් පහර දීමට ලක් වුන පාර්ශවයේ නීතීඥයා කියා ඇත්තේ අසල්වාසීන් තම සිහින මාලිගාව ලෙස හැඳින්වූ මෙම නිවසට බරපතළ අලාභ හානි ඇති කළ එම සිදුවීම මෝඩ, ඉතා නොමේරු ළමා ක්‍රියාවක් බවයි.

බීබර්ගේ මාද්‍ය ප්‍රකාශක වරිය පවසන්නේ මෙම ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් ජස්ටින් සතුටු වන බවයි.

දැනට ජස්ටින් බීබර්ව එම ප්‍රදේශයේ වාසය කිරීමෙන් ඉවත් කර ඇත.

මීට අමතරව මියාමි නුවරදී විසි හැවිරිදි ජනප්‍රිය පොප් ගායකයාට බීමත්ව රිය පැදවීමේ වරදට ද නඩු පවරා තිබේ.

(බිබිසි)

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us