News Items (18842)
භූමිතෙල් බෙදාහැරීම සීමා කරන්නැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් බෙදුම්කරුවන්ට දැනුම්දී ඇත. තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා කියා සිටියේ මේ නිසා භූමිතෙල් භාවිතයට ගන්නා අඩු ආදායම්ලාභී ජනතාවට ඉදිරියේදී ගැටලූ මතුවිය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ට ගනයේ සිනමාකරුවකු වූ ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ සිනමා පටය ජුලි 13 වැනි ඉරුදින සවස 03ට පැරිස් කලාප අංක 20හි රූ ඩෙ රොට්රෙට් අංක 15හී පිහිටි මෙනිල්මොන්ටාන් රංගන ශාලාවේදි තිරගත වීමට නියමිතය.
වසර 42කට පසුව යාපනය ප්‍රදේශයේ සංචාරය කළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක් පරදා යාපනය ඒකාබද්ධ පාසල් ක්‍රිකට් පිල ලකුණු 130ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.
හෙන්ලි ඇන්ඩ් පාර්ට්නර්ස් නමැති ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයක වාර්තාවකට අනුව ලංකාවද ඇතුළු රටවල් 20ක් වීසා බලපත් නොමැතිව ගමන් කළ හැකි ලෝකයේ නරකම රටවල් ලැයිස්තුවට ඇතුළත් වී ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’පුවත්පත වාර්තා කරයි.
බළපිටියේ මාදු ගඟ පරිසරවේදීන් හට මෙතෙක් කියවා හමාර කළ නුහුණු ග්‍රන්ථයකි. දෙස් විදෙස් සංචාරකයන්ට සෞන්දර්යය නිකේතනයකි. උද්භිද හා සත්ත්ව විද්‍යාඥයන්ට පර්යේෂණාගාරයකි. සැදැහැතියන්ට දම් කඳ පහස ලත් සිරි දළදා සමිඳුන් වැඩ සිටි පුණ්‍ය තීර්ථයකි. දේශපාලනඥයන්ට තවමත් නෙත් විවර නොවූ කඩතිරයකි.
රාජ්‍ය නොවන සංවිධානවලට මාධ්‍ය හමු, වැඩමුළු, ජනමාධ්‍ය පුහුණු වැඩසටහන් සංවිධාන කිරීම සහ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයට ලක් කිරීමෙන් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට බාධා සිදුවන බව ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය පවසයි.
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තමාට අභියෝගයක් නොවන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය කියා සිටී.
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය හෙට දිනයේ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදෙන බව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගායන ශිල්පි මධුමාධව අරවින්දගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
