බ‍්‍රසීල පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක නේමාර් ද සිල්වාට ෆීෆා ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වී ඇත. කොලොම්බියාව සමග ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ආබාධයකට ලක්වීම ඊට හේතුවයි.


ඔහුගේ සිරුරේ පසුපස ප‍්‍රදේශයේ බිඳීමක් සිදුව ඇතැයි වෛද්‍යවරුන් පවසති. 

සිඩ්නි නුවර දුම්රියක ගමන් ගත් මගීන්ට වර්ගවාදී ලෙස බැන වදින වීඩියෝ පටයක් ‘යු ටියුබ්’ වෙබ් අඩවියට නිකුත් වීමත් සමග ඕස්ට්‍රේලියානු කතකට පොලිසියෙන් චෝදනා එල්ල වී තිබේ.

දහසය හැවිරිදි තම වැඩිමල් දියණිය බලෙන් දූෂණය කර ඇය "ඒඩ්ස්‌" රෝගියකු බවට පත් කළ "ඒඩ්ස්‌" රෝගී පියකු මීගමුව මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් මීගමුව තිඹිරිගස්‌කටුව හරිස්‌චන්ද්‍රපුරයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වූ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂ ‍ජනරාල් ලෙස කටයුතු කළ වත්මන් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කලාප අංක 01හි අධ්‍යක්ෂ ‍ජනරාල් ලෙස කටයුතු කරන ආර්.පී.බී. තිලකසිරි මහතා විසින් කූට ලෙස ඉන්ධන සඳහා දීමනා ලබාගෙන ඇතිබවට මේ වනවිට තහවුරු වී තිබේ.

සිරස සුපර් ස්ටාර් 6 වන අදියරේ කිරුළ හිමි කර ගැනීමට මහරගම ගයාන් අරෝෂ සමත් විය.

මේවන විට කොළඹ නගර සභාව කාන්තා සෙරෙප්පුවකට යට වීමේ ඛේදජනක ඉරණමකට මුහුණ පා ඇතැයි නාගරික මන්ත‍්‍රී රෝයි බෝගහවත්ත මහතා පවසයි.

වෙරෝනා නුවර චෙන්ත්‍රෝ මිග්ග්‍රාති හා වින්ග් ෆෝ වර්ල්ඩ් ආයතන දෙක වසරක් පාසා පවත්වන ක්‍රීඩා සැණකෙළිය මෙවරත් ජූලි 06 වැනි ඉරිදා වෙරෝනා ප්‍රධාන දුම්රිය පොළ අසල රාජ්ජියෝ දෙල් සෝලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

යාපනය සරසවියේ කලා පීඨයෙහි 3 වැනි වසරේ සිසුවකු වන 24 හැවිරිදි සිවලිංගම් යසෝදරන් නැමැති සිසුවෙකු ඊයේ (04) රාත්‍රී ගෙල වැළලාගෙන මිය ගොස් ඇත.

ලොව ආකර්ෂණීය ම කාන්තාව ලෙස FHM සඟරාව විසින් බොලිවුඩ් නිළි දීපිකා ‍පාදුකෝන් නම් කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා හෘදයාබාධයකට ප්‍රතිකාර ලැබීමෙන් පසුව නවලෝක රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

Connet With Us