නේමාර්ට ලෝක කුසලානය අහිමිවේ !

Published in ක්‍රීඩා
Saturday, 05 July 2014 13:19

බ‍්‍රසීල පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක නේමාර් ද සිල්වාට ෆීෆා ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වී ඇත. කොලොම්බියාව සමග ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ආබාධයකට ලක්වීම ඊට හේතුවයි.


ඔහුගේ සිරුරේ පසුපස ප‍්‍රදේශයේ බිඳීමක් සිදුව ඇතැයි වෛද්‍යවරුන් පවසති. 



මේ වන විට ඔහු  බ‍්‍රසීලයේ සා ඕ කාලෝස් රෝහලේ ප‍්‍රතිකාර ලබයි. එම රෝහල වටා පාපන්දු ලෝලීන් දහස් සංඛ්‍යාත පිරිසක් හැඬූ කඳුලින් රොක් වී සිටින බව වාර්තාවේ. 


ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ඊයේ (04) පැවති තරඟයේදී,  තවත් ලතින් ඇමරිකානු රටක් වන කොළොම්බියාවට එරෙහිව ගෝල දෙකට එකක් ලෙස ජය ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ සත්කාර බ‍්‍රසීලයයි. 


එහිදී බ‍්‍රසීල ක‍්‍රීඩකයන්ගේ විශිෂ්ඨ කුසලතා එහිදී ප‍්‍රදර්ශනය වූ අතර තරඟය නිමා කිරීමට විනාඩි 2ක් තිබියදී,  ඉදිරි පෙළ ක‍්‍රීඩක නේමාර්ට මෙම අවසානාවන්ත සිද්ධියකට ද මුහුණදීමට සිදුවිය. 


බ‍්‍රසීලය වෙනුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ගෝල 4ක් වාර්තා කළ ඉදිරි පෙළ ක‍්‍රීඩක නේමාර් කොළොම්බියානු ක‍්‍රීඩකයෙකු අතින් එසේ ආබාධයකට ලක්වී, කොදු ඇට පෙළට සුළු හානියක් හෝ සිදුව ඇති බැවින් ඔහුට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරඟ අහිමි වනු ඇත. 


විශේෂයෙන් ජර්මනිය සමඟ ලබන අඟහරුවාදා පැවැත්වෙන අවසන් පූර්ව තරඟයේදී නේමාර් අහිමි වීම බ‍්‍රසීල කණ්ඩායමට අවාසිදායක විය හැකිය.

Nemar2Nemar3Nemar4Nemar5Nemar6Nemar7Nemar9Nemar10

Last modified on Saturday, 05 July 2014 13:42

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us