ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අවසන් පූර්ව වටයට

Published in ක්‍රීඩා
Sunday, 06 July 2014 10:15

වසර 24කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ආජන්ටිනාව ඊයේ සමත් විය. ඒ, බෙල්ජියම ගෝල එකට බින්දුවක් ලෙස පරාජයට පත්කරමිනි.

ආජන්ටිනාව වෙනුවෙන් ගොන්සාලෝ හිගුයේන් තරගයේ 8වන විනාඩියේදී ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේය. ආජන්ටිනා කණ්ඩායම අවසන් පූර්ව වටයකට මීට පෙර සුදුසුකම් ලැබුවේ 1990 වසරේදීය.

එම වසරේ ලෝක ශූරතාව දිනාගත්තේ ද ආජන්ටිනා කණ්ඩායමයි.

මේ අතර ඊයේ පැවති අනෙක් තරගයේදී කොස්ටරිකාව පරාජය කළ නෙදර්ලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිය.

තරගයේ අතිරේක කාලය අවසන් වනතුරු කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට නොහැකි විය. ඒ අනුව ජයග‍්‍රහණය තීරණය කෙරුණේ දඬුම් පහර මගිනි.

එහිදී නෙදර්ලන්තය දඩුවම් පහර 4ක් සාර්ථක කරගත් අතර, කොස්ටරිකාව දඬුවම් පහර මගින් ලබාගත්තේ ගෝල 3ක් පමණි.

නෙදර්ලන්තය අවසන් වරට පැවති ලෝක කුසලාන තරගාවලියේදී අනුශූරතාව හිමිකර ගැනීමට ද සමත්විය.

Netherland

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us