චන්දිමාල් සංචිතයෙනුත් දොට්ට දැම්මේ ඇයි...?

Published in ක්‍රීඩා
Friday, 04 July 2014 11:23

ශ්‍රී ලංකා පන්දුවාර 20 යි 20 නායකයා ලෙස දිනේෂ චන්දිමාල් පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයට පිටත්ව ගියද ලංකාවට ආවේ නායකත්වය අහිමිව කණ්ඩායමේ ස්ථානයද අහිමිවයි.

මේ අනුව ඔහුගේ එක්දින සහ ටෙස්ට් උප නායකත්වයන්ද ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස චන්දි එංගලන්ත තරගාවලිය සදහා පිටත්ව ගියේ පිතිකරුවකු ලෙසයි.

මේ අනුව එංගලන්තයේදී හිමිවූ එක්දින තරග 03 කදී ඔහු ලකුණු 38 ක් රැස්කළද එහෙත් එය කණ්ඩායමේ රැදී සිටීමට තරම් ප්‍රමාණවත්වූයේ නැහැ.

එළඹෙන දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සදහා නම්කළ සංචිතයේ 16 දෙනා අතරට හෝ ඇතුලත්වීමට චන්දිමාල්ට නොහැකිවන්නේ මේ අනුවයි. එමෙන්ම පසුගිය තරගාවලි ගණනාවේදීම එක්දින සංචිතයේ සිටි චතුරංග ද සිල්වාටද සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා. එහෙත් ඔහු කිසිදු තරගයක් සදහා ක්‍රීඩා කර තිබුනේ නැහැ.

දකුණු අප්‍රිකාව සදහා වන එක්දින තරගාවලිය සදහා මේ අනුව කණ්ඩායමට එක්ව ඇත්තේ කිත්රුවන් විතානගේ සහ උපුල් තරංගයි. නායක ඇන්ජලෝ මැතිව්ස්, උප නායක ලහිරු තිරිමාන්න, තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අශාන් ප්‍රියන්ජන, සචිත්‍ර සේනානායක, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල් සහ ලසිත් මාලිංග සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනවා. දෙරට අතර පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ ලබන 06 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී දිවා තරගයක් ලෙසයි.

මූලාශ්‍රය- freehit

Last modified on Friday, 04 July 2014 12:02

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us