මේරියන්ස්ලා සමඟ සිටි කුසලතා සපිරි වාදකයා වන ප්‍රසන්න රෝසා අලුත්ම වැඩකට මුල පුරලා. ලෝකය පුරාම ඉන්න නවක ගායක, ගායිකාවන් ගේ ගීත ඇතුළත් කරගෙන ඔහු සංගීතමය වෙබ් සයිට් හදලා.

ඒක නම් කරලා තියෙන්නෙ සිංෆොනි (https://www.singfony.com) කියන නාමයෙන්.

මේ නැවුම් කටයුත්ත ඉටු කරන්න ඔහු සමඟ ඉතාලියේ ඉන්න ජූඩ් අර්ඩ්ලි හා සම්පත් කියන යාළුවො දෙදෙනත් එකතු වෙලා. මේ වෙබ් අඩවියේ මහ මොළකරයා ජූඩ් අර්ඩ්ලි.

ලෝකය පුරාම විසිරිලා ඉන්න ගායක, ගායිකාවන්ට තමන්ගේ ගීතය මේ හරහා එළි දැක්වීමේ අවස්ථාව හිමිකර දීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. මේ සඳහා අන්තර් ජාලය ඔස්සේ ලියාපදිංචි වී නවක ගායක ගායිකාවන්ට සිය සාමාජිකත්වය ලබාගත හැක.

මේ සංගීතමය වෙබ් සයිට් එක නිල වශයෙන් විවෘත කලේ ගිය මාසයේ 28 වැනිදා ඉතාලියේ මිලානෝ නගරයේ දී. අප එහෙම පවසන්නේ නිල නොවන වශයෙන්, මේ වනවිට සිම්පනි ආරම්භකර මාස 2 ක් පමණ ගත වී ඇති නිසයි.

මේ වෙබ් අඩවියේ පළමු කටයුත්ත ලොවපුරා සිටින ආධුනික ගායිකාවන් අතර තරගයක් පැවැත්වීම බව ප්‍රසන්න රෝසා කියා සිටී. තරගයේ ජයග්‍රාහකයා තේරෙන්නේ මේ අඩවියට එක්ව සිටින සාමාජිකයන්ගේ මනාපය අනුව බවද වාර්තා වේ.දැනටමත් මෙහි සාමාජිකයන් පිරිසක් සිටින බවත් තරගයේ ජයග්‍රාහකයාට ලක්ෂ 5ක් ජයග්‍රාහී මුදලක් හිමිවන බවද වාර්තා වේ.

0094712236841 – 0773011306 වගේම 00947288065, 00393282562126 යන දුරකථන අංකවලට කතා කළොත් වැඩි විස්තර දැන ගැනීමට ඔබට හැකියාව ලැබෙවී

කොන්ත්‍රාත් සමාගමක් මඟින් ඉදිකිරීමක් සිදු කර ගෙන ලක්ෂ 18කට ආසන්න ගෙවිමක් බැංකුව මඟින් අත්හිටුවීම සම්බන්ධයෙන් ප්‍රවිණ නිළි සබීතා ජානකි පෙරේරා හා ඇ‍ගේ සැමියාට එරෙහිව කොන්ත්‍රාත් සමාගමක් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරු නඩුව මේ මස 15 වන දින කැඳවීමට මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ(01) නියම කළේය.

අංගොඩ, වල්පොල පාරේ ස්ථාපිත ලක්මිණ ලංකා බිල්ඩීන් සිස්ටම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක විතානගේ අමල් අසේල විතාන යන අය විසින් ප්‍රවිණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළි සබිතා ජානකි පෙරේරා හා ඇගේ සැමියා වන දොන් උපාලි ජයසිංහ හා ඩී.පී.ජයසිංහ ටුවර්ස් ට්‍රාන්ස්පෝට් කම්පැණි සාමාගම වෙත මෙසේ ඊයේ නඩු පවරනු ලැබිණ.

තමා ඉහත සමාගමේ මුදල් එකතු කිරීමේ බලයලත්නිලධාරියා බවත් විත්තිකරුවන්ගේ අනුදැනුම මත කොළඹ 9.බේස්ලයින් මාවතේ පිහිටි කාර්යාලයේ දී නිම කළ ඉදිකිරීමක් වෙනුවෙන් රුපියල් 188,576.10ක් වටිනාමකින් ලියූ චෙක්පතක් විත්තිකරුවන් ලබා දුන් බවට පැමිණිල්ලේ සඳහන්ය.

විත්තිකරුවන් විසින් ලියු චෙක්පතේ මුදල් ලබා ගැනීමට පුද්ගලික බැංකුව වෙත ගිය අවස්ථාවේ දී චෙක්පතේ මුදල් ගෙවීම් නොකරන ලෙසට විත්තිකරුවන් විසින් බැංකුවට දැනුම් දී ඇති බව පවසන පැමිණිලිකරු වංක චේතනාවෙන් මෙම අණ කිරීම සිදු කරන ලද්දක් බවට පවසා සිටී.

මුදල් ආපසු අය කර ගැනීමේ පනත අනුව දඩූවම් ලැබිය වරදක් බවට අධිකරණයේ චෝදනා ගොනු කොට තිබු අතර නඩුව කැඳවු අවස්ථාවේ දී අධ්‍යක්ෂක මණ්ඩලයේ නම් සහතික කොටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලේ නීතිඥවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව කැඳවීම ‍මේ මස 15 වන දින යළි කැඳවීමට නියම කෙළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ප්‍රදිප් ශ්‍රි ඇල්විටිගල ,එම් අන්වර් හා ඒ.සී.එම් ස්මයිල් අධිකරණය හමුවේ කරුණු දැක්වුහ.

"මට ජනාධිපතිතුමා ඇමැතිකමක්‌ දීල තියෙනවා. නිලතලවලින් විතරක්‌ වැඩක්‌ නෑ. මට ජනතාවට වැඩ කරන්න නිදහස නැත්නම් මම පක්‍ෂයෙනුත්, දේශපාලනයෙනුත් ඉවත් වෙනවා" යෑයි මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කැලණිය වරාගොඩ ප්‍රදේශයේ ශ්‍රිලනිප ශාඛා කමිටු පිහිටුවීමේ අවස්‌ථාවකට එක්‌වෙමිනි.

කැලණිය සංවිධායක කමට ශ්‍රිලනිප අපේක්‍ෂකයකු මිසක්‌ වෙනත් පක්‍ෂයක කෙනෙකු අවශ්‍ය නැතැයි ද එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

වයස අවුරුදු තුනක් වූ පිරිමි දරුවෙක් හා අවුරුදු හතක් වූ ගැහැණු දරුවෙක් එල්ලා මරා දමා ඇතැයි පොලීසිය පවසයි.

යටියන්තොට මාලිබොඩ ප‍්‍රදේශයේ වතු නිවාසයක සිදු වූ මෙම සිද්ධියට සැක පිට දරුවන්ගේ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව සිදු කළ සොයා බැලීමකදී අදාළ මළ සිරුරු සොයා ගත් බව පොලීසිය පවසයි.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ දරු දෙදෙනාගේ මව විදේශගතව ඇති බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගේ තර්ජනයට ලක් වූ පොලිස් කොස්තාපල් සුමින්ද මහතා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පොලිස්පති වෙත තැපෑලෙන් යවා ඇති බව වාර්තා වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවය කළ සුමින්ද සමන් මහතා පසුගිය මැයි මාසයේ 30 වෙනි දින ප‍්‍රහාරයකට ලක් වූ අතර, ඔහු ගමන් ගනිමින් සිටි මෝටර් රථයට ද ගිනි තබා තිබිණ.

මැයි මස 20 වෙනි දින කොට්ටාව පිවිසුමේදී සිය රියැදුරාට දඩ කොලයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා සහ පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතා අතර වාග් ප‍්‍රහාරයක් ඇති විය.

ඉන් අනතුරුව ප‍්‍රහාරය එල්ල වීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අදහස් දැක්වුහ.

කෙසේවෙතත් තමන්ගේ සහ තම පවුලේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සුමින්ද සමන් මහතා කියා සිටියේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අරලියගහ මන්දිරයේ දී ඊයේ (1) පස්වරුවේ පත් පත්කරනු ලැබිණි.

වසර තුනක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන මෙම කොමිසමේ සභාපතිත්වය දරන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ සත්‍යා හෙට්ටිගේ මහතායි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වන වගන්තිය යටතේ රාජ්‍ය සේවයේ පත්වීම්, උසස් වීම්, මාරුවීම් සහ විනය පාලන කටයුතු සඳහා බලතල මෙම කොමිසම් සභාවට පැවරේ.

එස්. සී. මානප්පෙරුම, ආනන්ද සෙනෙවිරත්න, එන්.එච්. පතිරණ, එස්. තිල්ව නඩරාජා, එස්. ඒ. මොහොමඩ් නහියා, කාන්ති විජේතුංග, සුනිල් එස්. සිරිසේන, විශේෂඥ වෛද්‍ය අයි.එන්. සොයිසා ගුණසේකර මහත්ම මහත්මීහු මෙහි සෙසු සාමාජිකයෝ වෙති.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනී සේදර සෙනරත් මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් වඩා තෘප්තිමත් ජීවිත ගෙවන බවට නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

කොට්න් යූ.එස්.ඒ ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඒ සඳහා බි‍්‍රතාන්‍ය ජාතිකයන් 1007 දෙනෙකු යොදාගෙන තිබේ.

රාත‍්‍රියේදී නිරුවතින් සයනයට යන පුද්ගලයන්ගෙන් 57%ක් පවසා ඇත්තේ ඔවුන් තම සහකරුවා හෝ සහකාරිය සමග තෘප්තිමත් ජීවිත ගත කරන බවයි.

පිජාමා අඳින්නන්ගෙන් 48%ක්ද රාත‍්‍රි ගවුම් අඳින්නන්ගෙන් 43%ක්ද සිය සබඳතා පිළිබඳව සතුටට පත්වෙන බව පවසා ඇති අතර ශරීරය සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් හැද නිදාගන්නන්ගෙන් ජීවිතය තෘප්තිමත් බව පවසා ඇත්තේ 38%ක් පමණක් බව පැවසේ.

කොට්න් යූ.එස්.ඒ පවසන්නේ සමීක්ෂණයට ලක් කළ පුද්ගලයන් 10කින් 4 දෙනෙකුම නිරුවතින් නිදාගන්නන් බවයි.

වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ගෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් 45%ක්ම ඇඳුම් රහිතව සයනයට යන බවද හෙළිවී තිබේ.

33 හැවිරිදි ස්ටීවන් මැකන්සි පවසා ඇත්තේ අවසන් සයවසර තුළ නිරුවතින් නිදාගැනීම ඉතා සැනසිලිදායක කටයුත්තක් වූ බවයි.

ජීවිතය තෘප්තිමත් කරගැනීමේදී නිදන කාමරයේ පරිසරය සකස් කරගැනීම බොහෝදෙනෙකු අතින් අතපසු වන දෙයක් බව කොට්න් යූ.එස්.ඒ හි ස්ටෙෆනි තියර්ස්-රැට්ක්ලිෆ් පවසා තිබේ.

නිරුවතින් නිදාගැනීම මගින් සිරුරට සුමුදු පහසක් ලැබෙනු ඇති බවත් විවෘත බව හේතුවෙන් ලිංගිකව තෘප්තිමත්වීම පහසු වන බවත් ඇයගේ අදහසයි.

(ලංකා සි නිව්ස් )

ස්‌කොට්‌ලන්තයේ ග්ලාස්‌ගෝහි පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන බැඩ්මින්ටන් කණ්‌ඩායමට, සම්මත තේරීම් පටිපාටියට පරිභාහිරව ක්‍රීඩිකාවක්‌ ඇතුළත්වීම හේතුවෙන් බැඩ්මින්ටන් පරිපාලනය ඉතාම උණුසුම්කාරී තත්ත්වයක්‌ ගෙන තිබේ.

උක්‌ත තරගාවලිය සඳහා ක්‍රීඩකයන් සිව් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු වශයෙන් වූ අට දෙනෙකුගෙන් යුතු කණ්‌ඩායමක්‌ නම් කිරීමේ වගකීම වත්මන් බැඩ්මින්ටන් තේරීම් කමිටුවට පැවැරී තිබී ඇති අතර එහිදී ඔවුන් විසින් ජාතික ඔලිම්පික්‌ කමිටුව වෙත යවන ලද කණ්‌ඩායමට ඇතුළත් නොවූ ක්‍රීඩිකාවක ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලද ලැයිස්‌තුවට එකතු වී සිටීම මෙම උණුසුම්කාරී තත්ත්වය නිර්මානය වී තිබෙන බව සඳහන් වේ.

අචිනි රත්නසිරි, තිලිණි හෙන්දහේවා, උපුලි සමන්තිකා සහ මධුෂිකා ඩිල්රුක්‍ෂි යන ක්‍රීඩිකාවන් ප්‍රියන්ත විඡේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු බැඩ්මින්ටන් තේරීම් කමිටුව විසින් නම් කරන ලද ක්‍රීඩිකාවන් බවට පත්වී තිබෙන අතර එසේ තිබියදී වෙනත් ක්‍රීඩිකාවක්‌ මෙලෙස 'අහසින් පාත් වීම' ක්‍ෂේත්‍රයට විමතිය ගෙනදෙන්නක්‌ වී ඇත.

තේරීම් කමිටුවේ කිසිදු අනුදැනුමකින් තොරව දක්‍ෂතා රහිත ක්‍රීඩිකාවක්‌ මෙආකාරයෙන් ඇතුළත් කළේ කෙසේද යන්න මේ වන විට ක්‍ෂේත්‍රයේ දැඩි මාර්තෘකාවට බඳුන්වී තිබෙන කරුණක්‌ වී තිබෙන අතර ඒ පිළිබඳව තේරීම් කමිටුවේ බලධාරීන්ද දැඩි කලකිරීමකින් පසුවන බවද සඳහන් වේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව වත්මන් බැඩ්මින්ටන් සභාපති සුරාඡ් දන්දෙණිය මහතාගෙන් කරුණු විමසන ලදුව, උක්‌ත කරුණ සම්බන්ධව තමාටද දැන ගැනීමට ලැබුණේ පුවත්පතින් වන බවත් සඳහන් කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දන්දෙණිය මහතා, වත්මන් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දක්‍ෂතා වැඩියෙන්ම දක්‌වනු ලබන පිරිස බවට පත්වී ඇත්තේ පිරිමි තරග අංශයෙන් වන බැවින් එම පිරිසට තවත් අයෙකු එක්‌වූයේ නම් තමා පෞද්ගලිකවම සංතෝෂ වන බව සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව බැඩ්මින්ටන් තේරීම් කමිටුව මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටියේ සංචිතයට වැඩිපුර එක්‌ කරන ලද ක්‍රීඩිකාව ජාතික ඔලිම්පික්‌ කමිටුවේ උවමනාවට සිදු කර ඇති බවත් ඒ පිළිබඳව කිසිදු දැනුම් දීමක්‌ තේරීම් කමිටුව වෙත සිදු කළ නොමැති බවයි. එහිදී එම ක්‍රීඩිකාව කණ්‌ඩායමට එක්‌ කිරීමට ජාතික ඔලිම්පික්‌ කමිටුව තීරණය කිරීමෙහි යථාර්ථය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය හෝ තේරීම් කමිටුව නොදන්නා බවත් මෙහි අතුරු ඵලය වන්නේ එම ක්‍රීඩිකාවට ස්‌කොට්‌ලන්තය වෙත සතුටු සවාරියක්‌ යැමේ අවස්‌ථාව පමණක්‌ උදාවන බවද මෙහිදී සඳහන් කර තිබේ.

අදාළ තේරීම් තරගවලදී කේවල අංශය යටතේ මුහුණ දුන් තරග 3 ම ජය ගෙන තිබෙන තිලිණි හෙන්දහේවා කේවල විශේෂඥ ක්‍රීඩිකාව ලෙසද, යුගල තරගවලද දක්‌වන ලද දක්‍ෂතා පදනම්ව අචිනි සහ උපුලි දෙදෙනා යුගල තරග වල විශේෂඥ ක්‍රීඩිකාවන් ලෙසද සහ අතිරේක ක්‍රීඩිකාව ලෙස මධුෂිකා ඩිල්රුක්‍ෂිවද නම් කර තිබේ. එම තේරීම් තරග වටයේදී මධුෂිකා සහ නදීෂා එක්‌ තරගය බැගින් ජය ගෙන තිබෙන අතර එහිදී දෙදෙනා මුණ ගැසුණු තරගවටයේ ජය වාර්තා කිරීමට මධුෂිකා සමත්වීම මත අදාළ අතිරේක ක්‍රීඩිකාවට හිමි ස්‌ථානය ඇයට හිමිවී තිබේ.

සංචාරක කණ්‌ඩායමට පිරිමි අංශයෙන් ජාතික ශූර නිලුක කරුණාරත්න, සචින් ඩයස්‌, දිනූක කරුණාරත්න සහ බුවනෙක ගුණතිලක යන ක්‍රීඩකයෝ සහභාගි වෙති.

මේ අතර ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර ඇතිවී ඇතැයි කියන ආරවුලක්‌, ගුටි කෙළියක්‌ දක්‌වා එය දුර දිග යැම මත මේ වන විටත් ජාතික සංචිතයේ පසුවන බැඩ්මින්ටන් කණ්‌ඩායමට සිය පුහුණු කටයුතු කිරීමේ අවස්‌ථාව අහිමිව තිබෙන බවද සඳහන් වේ.

පොදු රාජ්‍ය මණ්‌ඩල තරගාවලිය සඳහා කණ්‌ඩායම මෙම මස 11 වැනිදා පිටත්ව යැමට නියමිතව ඇතත් මෙම කරුණ මත ඉකුත් බ්‍රහස්‌පතින්දා දින සිට ඊයේ දක්‌වා එම පුහුණු කටයුතු සිදු කිරීමේ අවස්‌ථාව නම් කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමිව තිබේ.

කෙසේ වෙතත් එම ගුටි කෙළියට සම්බන්ධ ක්‍රීඩකයන් වෙනුවෙන් වූ විනය පරීක්‍ෂණය ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ සවස්‌ යාමයේදී පැවැත්වීමට නියමිතව තිබූ බවද සඳහන් විය.

(දිවයින)

කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි සතොස ගොඩනැගිල්ලේ හය වැනි මහලේ මුදල් හා විගණන අංශයේ පිවිසුම් දොරටුව කඩා, එම ගොඩනැගිල්ලට ගිණිතැබිම සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී චෝදනාවට ලක්වූ, අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම්වරයකුට රුපියල් එකොළොස්දහස් දෙසිය පනහක් වන්දි ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

මෙසේ වන්දි නියම වුයේ සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු වන දොන් පීටර් නානයක්කාරටය.

ඔහු ඊට හානි කළ බව සොයා ගැනුණේ ඔහුගේ ඇඟිලි සලකුණු තුනක් එහි සටහන් වී තිබීමෙනි.

2013 ජුලී 31 වැනිදා එම ගොඩනැගිල්ලේ ගින්නක් හටගත් බවත් ගින්නට කලින් එම දොර කඩා ඇති බවට කොම්පඤ්ඤවීදියේ පොලීසියට පැමිණිලි ලැබී ඇති බවත් අධිකරණයේදී කියැවිණි.

පොලිස් විමර්ශන වලින් පසුව මෙම පුද්ගලයාට විරුද්ධව අධිකරණ කරුණු ගොනු කර තිබූ අතර ඒ අනුව ඊයේ (30) දින ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබිණ.

එම නඩුව කැඳවූ අවස්ථාවේ සතොස ගොඩනැගිල්ලේ හය වැනි මහලේ වීදුරු දොරකට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇති නිසා රුපියල් එකොළොස්දහස් දෙසිය පනහක් වන්දි ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඔහුට නියෝග කළේය.

මෙම ගින්නෙන් විනාශවී ඇති භාණ්ඩ අතර වංචා දූෂණ ලිපිගොනු සහ ඒ පිළීබඳ ඇති වෙනත් ලිපි ලේඛණ, සේවකයන්ගේ විනය ප්‍රශ්න සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දු තීරණ හා එහි සාක්ෂි සටහන් සියල්ලද විනාශ වී ඇත.

මෙම ගින්න හේතුවෙන් අමාත්‍යංශය ලැබූ පාඩුව මිලියන ගණනක් බවත් පැවසේ.

දෙපාර්ශවයේම එකඟත්වයෙන් සිද්ධිය සමථකට පත් විය.

විදුලිබල මණ්ඩලයේ ප්‍රමිතීන්ට අනුකූල නොවු තෙල් තොගයක් ගොඩබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සිරිසේන අමරසේකර මහතා ප්‍රකාශ කළේ අබුඩාබි සිට ආනයනය කළ අදාළ තෙල් තොගය වෙනුවට වෙනත් තෙල් තොගයක් ලබාදීමට නියමිත බවයි.

මෙම තෙල් තොගය නැවත හරවා යාම හේතුවෙන් විදුලිබල මණ්ඩලයට තෙල් හිඟයක් මතු වීමේ අවදානමක් නොමැති බව ද සභාපතිවරයා සඳහන් වැඩිදුරටත් සඳහන් කළේය.

Connet With Us