සමාජ ක්‍රියාකාරිනියක් වන Scout Willis පසුගියදා නිව්යෝර්ක් නගරයේ උඩු කය නිරුවතින් ගමන් කර එම ඡායාරුප තම ට්වීටර් ගිණුම ඔස්සේ ප්‍රචාරය කරනු ලැබුවා. ඇයගේ අදහස වන්නේ නිව්යෝක් කාන්තාවන්ට තම සිරුර ප්‍රදර්ශනය කරන ආකාරය ගැන සම්පුර්ණ අයිතියක් පවතින බවයි.

Scout Willis තවදුරටත් පවසන්නේ "එය තමන්ගේ කැමැත්ත මත තීරණය විය යුතු දෙයක්. ඒකට සමාජය ප්‍රතිචාර දක්වන විදිය හෝ සමාජ විසින් ඇය විනිශ්චය ලක් කරන විදිය අදාළ විය යුතු නෑ. ඒවගේම කිසිම කාන්තාවක් තමන්ගේ ශරීරය පිළිබඳ ලජ්ජා විය යුතු නෑ." කියලයි.

ඇගේ අදහස් කියවගෙන යද්දි අලුත් විදිහේ නාන ඇඳුමක් අපට හමුවුණා. Robyn Graves and Michelle Lytle නම් ඇඳුම් නිර්මාණ ශිල්පීන් දෙපළ තමයි මෙම නාන ඇඳුම් විලාසිතාවක් ලෝකයට හදුන්වල දීල තියන්නේ. එක නම් කරලා තියෙන්නේ TaTa Top කියන නමින්.

මෙම නාන ඇඳුමේ තියන විශේෂත්වය තමයි තනපුඩු පිටතින් පින්තාරු කර තිබීම. එය හැඳ සිටිනවිට දිස්වන්නේ උඩු කය නිරුවතින් සිටින ආකාරයකුයි. මේ ඇඳුම තමන්ගේ සමේ වර්ණයට ගැළපෙන ආකාරයට විවිධ පැහැයන්ගෙන් තෝරා ගැනීමට හැකියි .

ඒවගේම මේ ඇඳුම් විකිණීමෙන් ලැබෙන ආදායමෙන් කොටසක් පියයුරු පිළිකා පිළිබඳ පරික්ෂණ සඳහා වෙන් කෙරෙනවා. මෙහි අරමුණ වෙන්නේ තනපුඩුව වෙත පවතින අනවශ්‍ය ලිංගික ආකර්ෂණය ඉවත් කිරීමයි. මෙවැනි ඇඳුමක් නිර්මාණය වෙලා තියෙන්නේ the Free The Nipple movement කියන කාන්තා අයිතීන් පිළිබඳ ව්‍යාපාරයේ ප්‍රචාරණ අරමුණක් විදියට.

(mirrorgirl)

සමලිංගිකයන්ට වෙනස් ලෙස සැලකීමට එරෙහිව හා සියලු දෙනාට සමාන අයිතීන් ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතා පෙළපාලියක් ප්‍රංශයේ පැරිස් නුවරදී ඊයේ (28) පැවැත්විණි.

විශාල ජනකායක් සහභාගිවූ මෙම පෙළපාලියට සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන, මානව හිමිකම් සංවිධාන, වාමාංශික දේශපාලන පක්ෂ, කාන්තා සංවිධාන, වෘත්තීය සමිති හා කලාකරුවන්ද සහභාගිවිය.

ඉන් බහුතරය තරුණ තරුණියන්ය .ඇද හැලුණු වර්ෂාවද නොතකා, "ලුක්සම්බර්ග්" උද්‍යානය ඉදිරිපිටින් ඇරඹි පෙළපාලිය "බැස්ටිල්" ඔස්සේ "රිපබ්ලික්" චතුරශය අසලින් අවසන් කරනවිට පැය හතරකට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබිණි.

(mirrorgirl)

පසුගිය කාලයේදී සිය විවාහක බිරියගෙන් වෙන්වී දරුදෙදෙනාද අතැරගොස් සිටි මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා යළි සිය නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.

ඔහු සිය ෆෙස්බුක් පිටුවේ ප‍්‍රධාන ඡායාරූපයද වෙනස් කරමින් ඒ සඳහි සිය විවාහක බිරිය හා ඔහුගේ ඡායාරූපයේ යොදා තිබේ.

එසේම එම ෆෙස්බුක් පිටුවේ කවරයේ ඡායාරූපයට එක්කර ඇත්තේ සිය බිරිය හා දරු දෙදෙනා සමඟ නාන තටකයක ගන්නා ලද ඡායාරූපයකි.

ඔහු අදාල ඡායාරූපයට මගේ ජීවිතය (My Life) ලෙස ද චචන කිහිපයක්ද එක් කර ඇත.

නලින් සිය ෆෙස්බුක් පිටුවේ ප‍්‍රධාන ඡායාරූපයට ඔහුගේ බිරිය සමඟ ගත් ඡායාරූපයක් යෙදූ පළමු අවස්ථාවද මෙය වේ.

(lankanewsroom)

මෝඩි සහ ඩිමෝ

Sunday, 29 June 2014 05:30

යමුනා ගංතෙර යමුනා එනකං වගේ ඇස් කැඩෙනකං බලා ඉන්න මෝඩිගේ පින්තූරයක් දෙස බල බලා සිටි අරලියගහ මන්දිරේ පූසා කෑම කමින් සිටි ජනාධිපතිතුමාට කීවේ මෝඩිත් ඔබතුමා වගේ කන්‍යා ලග්නේ එක්කෙනෙක් කියාය. ඉතින් කියා ප‍්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමාට පූසා කීවේ කන්‍යා ලග්නේ සේරම හොඳ කන්‍යාවෝ බවට පත්වුණොත් මරු වැඬේ බොස් කියාය. ජනාධිපතිතුමා කීවේ ආපෝ එහෙම වුණොත් මට වුණත් අපේ සමහර ප‍්‍රාදේශීය සභා සභාපතිලගෙන් සමාවක් ලැබෙන එකක් නැහැ කියාය. පූසා ඇසුවේ ඇත්තටම බොස් මෑන්ට මෝඩි මෝඩි කිව්වට තදවෙන් නැද්ද පුදුමයිනේ කියාය. ඒකෙ සිංහල තේරුම දැනගත්තොත් තද නොවෙන්න විදියක් නැහැ කී ජනාධිපතිතුමාගෙන් පූසා ඇසුවේ මේ යෝධයත් පුදනකොටම කාපි යකා කියලා දහතුන ඉල්ලන්නේ මොකද මේකත් උන්නැහේලගේ තවත් තෙලෙන්ගානාවක් කියලා හිතාගෙනද කියාය. මේ කතාවටත් සවන්දෙමින් ටීවී එකේ කාටුන් බල බලා සිටි ගිරවා ඇසුවේ ඇත්තටම ලංකාවත් ඉන්දියාවේ කෑල්ලක් වුණොත් මොකක් වෙයිද කියාය. පූසා හෙමිහිට කීවේ මොනවද ඉතින් අපේ ලොක්කත් ජයලලිතා අංක දෙක රඟදක්වයි කියාය. මෝඩිගේ සිකුරු උච්චවෙලාලූ කී ගිරවාට පූසා කීවේ අපේ ඩිමෝගේ සිකුරු උච්චවෙලා හුඟක් කල් කියාය. ඉඳියාප්පයක් රෝල් කර හක්කට දමා ගනිමින් සිටි ජනාධිපතිතුමාට පූසා කීවේ මේ යස්සයා ඔය දිව්රුම් දීම අස්සෙත් දහතුන ගැන ඇහුවලූ නේද, ඔය වගේ වෙලාවකදිත් අනුන්ගේ දහතුන මතක් කරන පොරක් අනාගතයේදී තව මොනව ඉල්ලයිද දන්නැහැ කියාය. මෑන් ප‍්‍රතිසංවිධාන ගැනත් අහලා තිබුණනෙ ඉතින් බොස් මොකද කිව්වේ කියා ඇසූ ගිරවාට ජනාධිපතිතුමා කීවේ මං ඉතින් වේලාසන මෙහේ ආපු කි‍්‍රෂ්ණලට සුෂ්මලට කියපු එකම මෝඩිටත් කිව්වා කියාය. ඉතින් ඕක දෙන්නම් කිව්වට කවදාවත් දෙන එකක් නෙමෙයිනේ, මේ වතාවේ හෙන ලෙඩක් වැටෙයිද දන්නෑ කියා ඇසූ පූසාට ජනාධිපතිතුමා කීවේ මිනිහෙක් දෙයක් ඉල්ලනකොට නැහැ බැහැ කියන්න අපේ දෙමව්පියෝ අපිට පුරුදු කරලා නැහැ කියාය. පූසා එතුමාගෙන් ඇසුවේ මෑන්ට අගෝස්තුවේ මෙහෙ එන්න කිව්වා නේද එදාට දහතුන ගැන ඕනෑවට වඩා අහන්න ගනියිද දන්නෑ බොස් එහෙම වුණොත් මොකද කරන්නේ කියාය. ජනාධිපතිතුමා කීවේ බලමු ඉතින් අගෝස්තු කියන්නේ ළමයි කවුඩෝ, මොනරු, නයි, වවුලෝ උඩ අරින කාලෙනෙ අපිටත් නයෙක් ඇරගන්න බැරිවෙන එකක් නැහැ කියාය. ගිරවා කීවේ බලාගෙන බොස් ඔය වගේ අමු ඬේන්ජරස් වැඩ කරන්න ගිහින් මෝඩි බොඩි එකත් එක්කම වවුලා ගලෝ ගනියි, එහෙම වුණොත් දෙමළ ජනයාට දහතුනෙන් දහයයි දෙන්න වෙන්නේ ප‍්‍රශ්නයක් නැද්ද කියාය. පූසා ඇසුවේ හරි ඉතින් සැප්තැම්බරයේ මෑන් ආවොත් මොකද කරන්නේ කියාය. සාහිත්‍ය මාසනේ කෙළින්ම බුක් ෆෙයාර් එකට එක්කගෙන යනවා කී ජනාධිපතිතුමාගෙන් පූසා ඇසුවේ ඇයි නුඞ්ල්ස් කවන්නද එහේ ගෙනියන්නේ කියාය. ජනාධිපතිතුමා ඒ කතාබහ නිමවා ලූම්බිණි විදුහලේ විවෘත කිරීමකට ගියේය. පූසා ගිරවාට කීවේ මෝඩි අනාගතයේදී මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් ගන්න යන තීන්දු වරදින බව ඉන්දියාවේ බමුණුදාස කෙනෙක් කියලා තියනවා කියාය. ගිරවා කීවේ අපේ ඩිමෝගෙත් මුදල් කළමනාකරණය පසුකාලීනව සෑහෙන්න අප්සට් ගියා ඒත් කවුරුවත් ඒක කෙළින්ම කියන්නේ නැහැ කියාය. කියන්නේ නැත්තේ මොකද කී පූසා එහෙනම් වීරවංස අයියා අම්බානට බනින්නේ කියා මතක් කර දුන් අතර ගිරවා කීවේ ඒත් ඉතින් පීබීටනේ, මිනිහා ආර්ථික ඝාතකයා කියලනේ රැවුල් අයියා කියන්නේ කියාය. පූසා කීවේ උඹ දන්න රෙද්ද එකේක ආර්ථික ඝාතකයන්ට එහෙම ඕනෙ විදියට ආර්ථිකය ඝාතනය කරන්න බැහැ රැවුල් අයියා ඔය බනින්නේ අපේ ඩිමෝට කියාය. ඔක්තෝබර් නොවැම්බර් වෙද්දී මෝඩිගේ තීරණ ගැනීමේ හැකියාව රාහු අවුල් කරලා දාන බවටත් අනාවැකි පළවෙනවා කී ගිරවාට පූසා කීවේ මෙහෙ ඉතින් එහෙම රාහු කෙනෙක් තාම පේන්න නැහැනේ කියාය. ගිරවා කීවේ අනේ අපි ඕවට නැහැ නැහැ කිය කිය ඉඳලා සෝභිත උන්නාන්සේවත් රාහුගේ වැඩේ කරයිද කියන්න බැහැ කියාය. අනතුරුව ගිරවා කීවේ චන්ද්‍රයයි රාහුයි එකතුවීමෙන් මෝඩි මාර අවුලකට යන බවත් හඳහනේ තියනවා කියාය. පූසා කීවේ අප්පට සිරි සෝභිත උන්නාන්සේට වටේ පිටේ චන්ද්‍රයෝ වගේ ඉන්න උනුයි, බාහු, සිරිතුංග, මනෝ, සම්බන්දන් වගේ ග‍්‍රහයොයි එක්කාසු වුණොත් ඩිමෝත් අවුලකට යන්න පුළුවන්. දැන් මොකද කරන්නේ කියාය. පූසා කීවේ වීරවංශ, රතන, පිංචක පරම්පරාවේ ඕපන් ස්ටේජ් ඩ‍්‍රාමා එකෙන් තරමක් දුරට ගොඩයන්න පුළුවන්ද කියලා අපේ එක්කෙනා බලනවා ඇති කියාය. ගිරවා කීවේ වැඬේ කියන්නේ මුංගේ නාට්ටිය දෙබස් පටිගත කළ එකක් නිසා හුඟක් වෙලාවට ඇක්ටිනුයි ඩයලොගුයි එකට යන්නේ නැති එකෙන් වැඩේ මාට්ටු වුණා වගේ කියාය. පූසා කීවේ කොච්චර වුණත් මුං බ‍්‍රැන්ඩෝලා කියලා ලොක්කා හිතං හිටියට මුනුත් නිකං ෆොන්සේකා ගාව ඉන්න ජාතියේ රඟපාන්න අමාරු නළුවෝ වගේ තමයි කියලා දැන් දැන් ඔප්පු වෙමින් තියනවා කියාය. ගිරවා කීවේ මෝඩි සිනමාවට ආවා නම් අතිදක්ෂ අධ්‍යක්ෂවරයෙක් වෙනවා කියලත් හඳහනේ තිබිලා තියනවා කියාය. පූසා කීවේ මෝඩිට, ඩිමෝට වගේ දේශපාලනයටයි සිනමාවටයි දෙකටම එකපාර එන්න හැකියාවක් තියෙන්න නැතුව ඇති කියාය. මෝඩි නළුවෙක් නම් නොවිය යුතුයි කියලත් හඳහනේ තිබිලා කී ගිරවාට පූසා කීවේ ඒ අතින් නම් අපේ ඩිමෝට ගහන්න ඇක්ටර් කෙනෙක් තාම ඉපදිලා නැහැ කියාය. පූසා ඩබල් එකේම මතක් කළේ මනේකා ගාන්ධි මං ඔබේ රසිකාවියක් කියලා අපේ ජනාධිපතිතුමාට කියලා තිබුණා කියාය. ගිරවා දුක්බරව කීවේ ඒත් අන්තිමට කාටත් මෝඩිගේ රසිකයන් වෙන්න වෙනවා කියාය.

ඇමතිවරු 45ක් පත් කළ එකෙන් මෝඩිට ජනතාව ගැන තියන උනන්දුව අඩු බව පෙනුණා කී පූසා හතළිස්පස් දෙනෙක් කෝටි 125ක් ගැන බලන එක කරන්න බැරි වැඩක් කියා කීවේය. අනතුරුව ඌ කීවේ ඉන්දියාවේ ජනගහනය ලංකාවේ හිටියා නම් අඩුම වශයෙන් ඇමතිවරු හයදාස් දෙසිය පනහක්වත් පත්කර ගන්න වෙනවා කියාය. පූසා වැඩිදුරටත් කීවේ මෝඩිට උපන් වෙලාවක් නැතත් හඳහන් තුනක් තියනවා ඒකයි මේ වගේ අපිට හිතාගන්න බැරි ජාතියේ වැඩකරන්නේ කියාය. ගිරවා කීවේ ඒකට අපේ බොසා මොන නැකතක උපන්නද කියලා මෙලෝ යකෙකුට කියන්න බැහැ කියාය.

ජනාධිපතිතුමා ලූම්බිණි විදුහලේ විවෘත කිරීමට ගොස් ආපසු ආවේය. එහිදී බන්දුල ගුණවර්ධන කියා තිබුණේ තමන් තරුණ කාලේ සම්බන්ධ වූ උමතුසං වරුසාව කියන නාට්‍යයට අනුව උමතුසං වරුසාවේ තෙමෙන ඕනෑම කෙනෙකුට මාර පිස්සුවක් හැදෙනවා කියාය. ජනාධිපතිතුමා ගෙට ගොඩ වුණෙත් ටිකක් තෙමී ගෙනය. එතුමා කෙළින්ම ගේ තුළට ගිය අතර මෝඩිගේ ට‍්‍රාන්ස්පේරන්සි, ගුඩ් ගවනන්ස් ආදී මාතෘකාවල පූසාත් ගිරවාත් හිරවී සිටියහ. මහා වැස්ස වැස්සේය. ගේ ඇතුළෙන් එකවිටම අමුතු කටහඬක් ආවේ ඔය උමතු සං වැස්සෙන් වතුර බාල්දියක් අරන් තියපල්ලා කියාය. ඒ මොකටද බොස් කියා ඊළ`ගට කවුද බත්බැලයකු අසන හඬ ඇසුණි. බොස් නමැත්තා අනතුරුව භයානක කටහඬකින් කීවේ මෝඩි ලංකාවට ආපු දවසට ඒකෙන් නාවලා ගන්න කියාය.

(Ravaya)

වීරත්වය මනුෂ්‍යත්වය පමණකින්ම ඔපකළ මේ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ ජීවන අත්දැකීම ජයන්ත චන්ද්‍රසිරි 'මහරජ ගැමුණු' නමින් සිනමාවට දැවැන්ත නිෂ්පාදන වියදමකින් යුතුව නිර්මාණය කර ඇත. මෙහි නිෂ්පාදක ගුණපාල රත්නසේකරය .

වසර කිහිපයක ගවේෂණයකින් පසු තිර රචනය කරමින් අධ්‍යක්‍ෂණය කළේ ප‍්‍රවීණ සිනමා නිර්මාපක ජයන්ත චන්ද්‍රසිරි විසිනි. මෙම සිනමා නිර්මාණයේ උද්දික පේ‍්‍රමරත්න, ජැක්සන් ඇන්තනී, යශෝදා විමලධර්ම, කුසුම් රේණු ඇතුළු නළු නිළියන් විශාල සංඛ්‍යාවක් රංගනයෙන් දායක වී තිබේ .

මෙම දැවැන්ත සිනමා නිර්මාණයේ http://www.maharajagamunu.lk/ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදු හැරීමේ උත්සවය මෙම මස 25 දින සවස 4.00ට ජාතික චිත‍්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී සුවිශේෂී ආරාධිතයින් පුමුඛ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය. මහරජ  ගැමුණු සිප්වින් චිත‍්‍රපට ඉදිරිපත් කිරීමකි.

(mirrorarts)

රාජාසනයක නොහොත් සිංහාසනයක ඉඳගන්න කරන යුද්ධය සුළුපටු නැහැ. බලය ලබාගන්න රජ වෙන්න මිනිස්සු කීයකගෙ ජීවිත බිලි ගන්නවද? ඉතිහාසෙත් එහෙමයි. අදත් එහෙමයි. ඔටුනු නොපැළඳුවත් බොහෝ රටවල් වල නායකයො ඉන්නෙ තමන් රජෙක් කියලා හිතාගෙන තමයි.

එංගලන්තෙ එලිසබෙත් රැජින අවුරුදු ගණනාවක් රජකම් කරනවා. ඇයට ලෝකයේ සියලුම රජවරුන් රැජිනක් හැටියටම සළකනවා. කාලෙක ඉඳන් H.B.O. නාලිකාවේ යනවා සිහාසනය වෙනුවෙන් රජ වීම වෙනුවෙන් යන ගේම් එකක් එහෙමත් නැත්නම් අපි කියන්නේ කවුරුත් දන්නෙ Game Of  Thrones කියලා. ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයො අතරත් හුගක් ජනප‍්‍රියයි. මෙය අමෙරිකන් මන: කල්පිතයක්. මෙහි රූගත කිරීම් සඳහා විවිධ රටවල්වල පසුතලයන් යොදා ගන්නවා.

පසු ගිය 23 වෙනිදා එංගන්තෙ මහරැජින නොහොත් එළිසබෙත් රැජින සහ පවුලේ අය උතුරු අයර්ලන්තෙ සංචාරයකට එක්වූ අවස්ථාවේ එම සංචාරයේ එක් අවස්ථාවක් වූයේ බෙල්පාට්ස් හි ඇති Game Of  Thrones සෙට් එක බලන්න ගිහිල්ලා. රැජිනගෙ වඩාත්ම සිත් අරගෙන තිබුනෙ සිංහාසනයයි. ඇයට සිංහාසනය අලුත් දෙයක් නෙමේ. ඒත් ඇය එහිදී ඒ සිංහාසනය සුවිශේෂී කැමැත්තක් දක්වලා තිබුනා. හැබැයි ඇය නියම රැජිනක් බව ඔප්පු වෙන්නේ විහිළුවටවත් ආශාවක් හිතිලා ඒ සිංහාසනේ නම් ඉඳගෙන නැහැ.

සාමාන්‍යයෙන් සැබැ රාජකීයත්වයක් ඇති අය ඒ ආකාරයේ සහසුන්වල අසුන්ගන්නෙ නැතිව ඇති. රාජකීය අමුත්තන් මේ ආකාරයට සෙට් එකට පැමිණීම නිර්මාණ කණ්ඩායම ට ගෞරවයක් සහ සතුටක් වීම නොඅනු මානයි.

(mirrorarts)

ඉරාකයේ ක්‍රියාත්මක සුන්නි අන්තවාදීන් එරට පිහිටි ප්‍රධාන පෙළේ තෙල් පිරිපහදු අංගණයක් වන බායිජි පිරිපහදු අංගණය සිය පාලනයට නතු කරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින දහයක් පුරා පැවැති ගැටුමකින් අනතුරුව සටන්කාමීන් මෙම පිරිපහදු අංගණය සිය පාලනයට ගෙන ඇත.අදාළ පිරිපහදු අංගණය ඉරාක පිරිපහදු තෙල් සැපයුමෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සපයනු ලබයි.මීට අමතරව කැරලිකාර කණ්ඩායම් සලාහුඩින් පළාතද අත්පත්කරගෙන ඇත. එමෙන්ම සිරියානු හා ජෝර්දාන දේශසීමා ආසන්න ප්‍රදේශයන්ද ඉරාක රජයේ පාලනයෙන් ගිලිහී ඇත. මේ අතර ඉරාක අගමැති නූර් අල් මලිති හා ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් ජෝන් කෙරී අතර විශේෂ හමුවීමක් සිදුවී ඇත. මෙහිදී ඔවුන් ඉරාකයේ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති අතර මෙහිදී ත්‍රස්ත සුන්නි අන්තවාදීන් මර්දනයට ඇමෙරිකාවේ පූර්ණ සහාය ලබාදීමට එකඟ වී ඇති බවට වාර්තා වේ. ෂියා මුස්ලිම් ප්‍රජාවට අයත් ඉරාක අගමැති නූරි අල් මලිකි, ෂියා ප්‍රජාවට විශේෂ සැලකිල්ලක් දක්වමින් සුන්නි හා කුර්ඩිෂ් ප්‍රජාවට කුඩම්මාගේ සැලකිලි දක්වන බවට ජාත්‍යන්තර ප්‍රජාව චෝදනා කරයි.

ඉරාකයේ සිටි ඇමෙරිකානු භට පිරිස් 2011 වසරේදී ඉවත්කර ගැනීමෙන් පසුව එරට ක්‍රියාත්මක ත්‍රස්ත කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය වර්ධනය වීමක් වූ බව ද විදේශ මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් ඉරාක රජය කියා සිටියේ අදාළ තෙල් පිරිපහදුවේ පාලනය තවමත් ඉරාක රජය සතු බවය.

(රිවිර)

Connet With Us