ජයන්ත, නිශාන්තට සත්තමක් දාලා !

Published in ක්‍රීඩා
Sunday, 29 June 2014 05:30

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් පසුගිය සිකුරාදා කැඳවන ලද හදිස්සි විධායක කමිටු රැස්වීම එහි සභාපති ජයන්ත ධර්මදාස විසින් මැදිහත්ව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

නිශාන්ත මෙසේ හදිස්සි විධායක කිමිටු රැස්වීමක් කැඳවා ඇත්තේ සුපුරුදු පරිදි අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන විධායක කමිටු රැස්වීමට ඔහුට සහභාගිවීමට නොහැකි වන නිසාය.

ඔහුට අගහරුවාදා රැස්වීමට සහභාගිවීමට නොහැකි වී ඇත්තේ මේ වන විට විදෙස්ගතවීමේ වාර්තාවක් තබා තිබෙන ඔහු නැවත වරක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමකට සහභාගිවීම සඳහා විදෙස් ගතවීමට නියමිතව සිටි බැවිනි.

නිශාන්තගේ උපදෙස් මත අදාල හදිස්සි විධායක කමිටු රැස්වීම කැඳවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා  නිහාන්තගේ ලේකම්වරිය වන චයනි ද ජයන්තගෙන් නොසෑහෙන්න බැනුම් අසා ඇති බව වාර්තා වේ.

ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත සිය බලතල පාවිච්චි නොකිරීමත්,  එහි ලේකම්වරයා වන නිශාන්ත අනිසි ලෙස බලතල පාවිච්චි කිරීමත් නිසා පසුගිය කාලයේදී ක්‍රිකට් විචාරකයන් බොහෝ දෙනෙකු ජයන්ත වැනි සභාපතිවරයෙකු පොල්පිත්තකින් කපාගත හැකි බව ප්‍රසිද්ධියේ පවසා තිබිනි.

(srilankamirror)

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us