දෙවියන්ට අපහාස කළ දෝනි අත්අඩංගුවට?

Published in ක්‍රීඩා
Sunday, 29 June 2014 05:30

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි විෂ්ණු දෙවියන්ට අපහාස වන ආකාරයෙන් ඡායා රූපයකට පෙනී සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉන්දීය අධිකරණයක් අද නියෝග කර තිබේ.

ආන්ද්‍රා ප්‍රදේශයේ විෂ්ණු දේවාලයක බාරකරුවෙකු විසින් ‍එම ප්‍රදේශයේ අධිකරණයකට කර තිබූ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මහේන්ද්‍ර සිං දෝනි විෂ්ණු දෙවියන් ආකාරයට සැරසී ඡායා රූපයකට පෙනී සිටීමෙන් හින්දු ආගමට ද අපහාස කර ඇති බවට අදාළ පැමිණිල්ල මගින් අවධාරණය කර තිබුණි.

අදාළ ඡායාරූපයක් ඉන්දියාවේ පුවත්පතක් මගින් ද ප්‍රසිද්ධ කර තිබූ අතර එය වෙළඳ දැන්වීමක ආකාරය ගෙන තිබුණි.

ඒ අනූව මහේන්ද්‍ර සිං දෝනිට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර අවස්ථා 3කදී දැනුම් දී තිබූ බව පැවසෙයි.

එහෙත් දෝනිට එම නියෝග නොලැබුණු බවද වාර්තා වන අතර ඒ අනූව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කිරීමටත් ලබන මස 16දාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කර ඇත.

(asianmirror)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us