වීරත්වය මනුෂ්‍යත්වය පමණකින්ම ඔපකළ මේ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ ජීවන අත්දැකීම ජයන්ත චන්ද්‍රසිරි 'මහරජ ගැමුණු' නමින් සිනමාවට දැවැන්ත නිෂ්පාදන වියදමකින් යුතුව නිර්මාණය කර ඇත. මෙහි නිෂ්පාදක ගුණපාල රත්නසේකරය .
වසර කිහිපයක ගවේෂණයකින් පසු තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සිනමා නිර්මාපක ජයන්ත චන්ද්‍රසිරි විසිනි. මෙම සිනමා නිර්මාණයේ උද්දික පේ‍්‍රමරත්න, ජැක්සන් ඇන්තනී, යශෝදා විමලධර්ම, කුසුම් රේණු ඇතුළු නළු නිළියන් විශාල සංඛ්‍යාවක් රංගනයෙන් දායක වී තිබේ .
මෙම දැවැන්ත සිනමා නිර්මාණයේ http://www.maharajagamunu.lk/ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදු හැරීමේ උත්සවය මෙම මස 25 දින සවස 4.00ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී සුවිශේෂී ආරාධිතයින් පුමුඛ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය. මහරජ ගැමුණු සිප්වින් චිත්‍රපට ඉදිරිපත් කිරීමකි.
(mirrorarts)