රෝසා ගැන අලුත් ආරංචියක් ?

Published in කලා
Wednesday, 02 July 2014 11:33

මේරියන්ස්ලා සමඟ සිටි කුසලතා සපිරි වාදකයා වන ප්‍රසන්න රෝසා අලුත්ම වැඩකට මුල පුරලා. ලෝකය පුරාම ඉන්න නවක ගායක, ගායිකාවන් ගේ ගීත ඇතුළත් කරගෙන ඔහු සංගීතමය වෙබ් සයිට් හදලා.

ඒක නම් කරලා තියෙන්නෙ සිංෆොනි (https://www.singfony.com) කියන නාමයෙන්.

මේ නැවුම් කටයුත්ත ඉටු කරන්න ඔහු සමඟ ඉතාලියේ ඉන්න ජූඩ් අර්ඩ්ලි හා සම්පත් කියන යාළුවො දෙදෙනත් එකතු වෙලා. මේ වෙබ් අඩවියේ මහ මොළකරයා ජූඩ් අර්ඩ්ලි.

ලෝකය පුරාම විසිරිලා ඉන්න ගායක, ගායිකාවන්ට තමන්ගේ ගීතය මේ හරහා එළි දැක්වීමේ අවස්ථාව හිමිකර දීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. මේ සඳහා අන්තර් ජාලය ඔස්සේ ලියාපදිංචි වී නවක ගායක ගායිකාවන්ට සිය සාමාජිකත්වය ලබාගත හැක.

මේ සංගීතමය වෙබ් සයිට් එක නිල වශයෙන් විවෘත කලේ ගිය මාසයේ 28 වැනිදා ඉතාලියේ මිලානෝ නගරයේ දී. අප එහෙම පවසන්නේ නිල නොවන වශයෙන්, මේ වනවිට සිම්පනි ආරම්භකර මාස 2 ක් පමණ ගත වී ඇති නිසයි.

මේ වෙබ් අඩවියේ පළමු කටයුත්ත ලොවපුරා සිටින ආධුනික ගායිකාවන් අතර තරගයක් පැවැත්වීම බව ප්‍රසන්න රෝසා කියා සිටී. තරගයේ ජයග්‍රාහකයා තේරෙන්නේ මේ අඩවියට එක්ව සිටින සාමාජිකයන්ගේ මනාපය අනුව බවද වාර්තා වේ.දැනටමත් මෙහි සාමාජිකයන් පිරිසක් සිටින බවත් තරගයේ ජයග්‍රාහකයාට ලක්ෂ 5ක් ජයග්‍රාහී මුදලක් හිමිවන බවද වාර්තා වේ.

0094712236841 – 0773011306 වගේම 00947288065, 00393282562126 යන දුරකථන අංකවලට කතා කළොත් වැඩි විස්තර දැන ගැනීමට ඔබට හැකියාව ලැබෙවී

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us