මාලක මොන කුක්කෙක්ද?

Published in පුවත්
Monday, 07 July 2014 20:03

SanathMalakaඅමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තමාට අභියෝගයක් නොවන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය කියා සිටී.



ඔහු මේ බව පවසා ඇත්තේ ‘‘ඬේලි මිරර්’’පුවත් පත සමග කළ සම්මුක  සාකච්ඡාවකදී මාලක සිල්වා මාතරින් දේශපාලනයට පැමිණියහොත් ඔබට අභියෝගයක්දැයි කරන ලද විමසීමකදීය.

තමා මාතරට පැමිණියේ මාලකට පෙර බවත්, එසේම තමා මාතරින් පළමු තැනට පැමිණි බවත්, පවසන සනත්, ඒ අය හැසිරෙන්නේ මැරයන් ලෙස බවටද චෝදනා කර සිටී.

එසේම මාතර ජනතාව මාතර කැළනිය වැනි භීතිය සහිත තැනක් කිරීමට ඉඩ නොතබනු ඇති බවද ඔහු පවසා ඇත.

මාලකට වඩා තමාට මාතර නෑයන් සිටින බවත්, තමාට අලුතින් නෑයන් හදා ගැනීමට අවශ්‍ය නොවන බවද සනත් කියා සිටී.

අපි සියල්ලන්ම මනුෂ්‍යන් බවත්, අප සියල්ලන්ගේම ඇගේ ඇත්තේ එකම ලේ බවද පවසන සනත්, එහෙත් බල්ලන් සමග නිදාගත් විට බලු මැක්කන් සමග නැගිටින්නට සිදුවන බව මාතර ජනතාව දන්නා බවද ඔහු කියා සිටී.

මාතර ආසනයේ ඡන්ද දායකයින් බොහෝ විට සිය කුලය පදනම් කරගනිමින් ඡන්දය භාවිතා කිරීම සාමාන්‍ය සිද්ධියක් වන අතර සනත් කරාව කුලයේ ඡන්ද ලබා ගැනීමටත් මාලක දුරාව කුලයේ ඡන්ද ලබා ගැනීමටත් ඉලක්ක කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් ඔවුන් ඉදිරිපත් කිරීමට යන බව මේ අතර වාර්තා වේ.

 

 

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us