කුරාම් ඝාතනට හිටපු සභාපති සම්බන්ධ නැති ලු!

Published in පුවත්
Monday, 07 July 2014 17:45

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතන නඩුවට අදාලව විත්තිකරුවන් ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් වී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම ඉදිරියේ පැවති මෙම නඩු විභාගයේ දී විත්තිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදු විය.

ප්‍රධාන විත්තිකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ අධිකරණය හමුවේ කියා සිටියේ තමන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

‘මේ සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මගේ දේශපාලන ගමන අඩාල කිරීම සඳහා මාව උවමනාවෙන් මේ නඩුවට පටලවා තිබෙන බව කිව යුතුයි. මට එරෙහිව ඉදිරිපත් වූ සාක්කි පවා අසත්‍ය ලෙස ගොතා තිබෙනවා.’ යනුවෙන් ප්‍රකාශ කළ විත්තිකාර සම්පත් විදානපතිරණ අදාළ චෝදනාවලින් තමන් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 


'ගොතපු නඩුවක්'

සෙසු විත්තිකරුවන් පස් දෙනාත් අධිකරණය හමුවේ කියා සිටියේ තමන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කල අධිකරණය, පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිඥයාගේ දේශනය හෙට, අගහරුවාදා ඉදිරිපත් කරන මෙන් නියම කළේය.


විත්තියේ දේශන සටහන් කර ගැනීමෙන් අනතුරුව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය විනිසුරුවරිය විසින් දැනුම් දෙනු ලැබීමට නියමිතය.

 


සාදයේ අපරාධය

දෙදහස් එකොළහ වසරේ දෙසැම්බර් විසිහතර වන දින තංගල්ල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පැවති නත්තල් සාදයක දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් මරා දමා, ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වික්ටෝරියා අලෙක්සන්ද්‍රවුනා කාචේවා දුෂණය කළ බවට චෝදනා කරමින් විත්තිකරුවන් හය දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබීය.

ප්‍රධාන විත්තිකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර සෙසු විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

(BBC)

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us