පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනා යටතේ අද (7දා) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට දෙවැනි වරට ඉදිරිපත් වූ වටරැක විජිත හිමියන් රුපියල් 10000ක මුදල් ඇප හා රුපියල් 50000ක ශරීර ඇප දෙකක් යටතේ ඇප මත නිදහස් කොට සැප්තැම්බර් මස 1දාට නඩුව නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කෙරිණි.
කෙසේවුවද, තමනට එරෙහි චෝදනා නොපිළි ගන්නා බවත් තමන් නිවැරදිකරු බවත් ඒ හිමියෝ කීහ.
පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ ප්‍රවෘත්තිවලට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.